(ඉන්දිකා රාමනායක)
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ 26 වැනිදා පෙරවරුව 9.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනිමට නාමල් කුමාර මහතා කැඳවු තෙවැනි අවස්ථාව මෙය බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ අතර ඉකුත් 20 දින රාත්‍රියේ නාමල් කුමාර මහතාගේ වරකාපොල නිවසට පැමිණ සිටියදි අත්අඩංගුව ගත් ඉන්දිය ජාතිකයා සම්බන්ධයෙන් ද විශේෂ පරික්ණයක් ආරම්භ කරඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ඉන්දියනු ජාතිකයා ඉකුත් 20 වැනි දින නාමල් කුමාර මහතාගේ නිවසට පැමිණ සිටියදි නාමල් කුමාර කළ දනුම් දිමක් අනුව අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාමල් කුමාර මහතාගෙන් ලංකාදිපය කළ විමසුමකදි, ඔහු පැවසුවේ මෙම ඉන්දිය ජාතිකයා තමන් පෞද්ගලිකව හදුනන්නේ නැති බවයි.
මාධ්‍ය වල මෙම සිද්ධිය පළලවිමත් පසු ඔහු තම නිවස සොයා පැමිණ ඇති බවත් ඉදිරියේ තම ජිවිතයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් තමන් දැනුවත් කිරිමට පැමිණි බවට ඔහු ප්‍රකාශ කළ බවද පැවසු හෙතෙම කීය.
මෙම පුද්ගලයාගේ පැමිණිම තමන්ට සැකයක් බවත් එම නිසා මේ සම්බන්ධයෙන් වරකාපොල පොලිසියට හා අපරාධ පරික්ෂණ දෙපාර්ත මේන්තුව දැනුම් දුන් බවද කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.