(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද (23) දහවල් රළ පහරට අසු වි ගසාගෙන යද්දි එහි රාජකාරියේ නියුතු ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු තිදෙනෙකු විසින් බේරාගනු ලැබුහ.
බේරාගත් පිරිස අතර ඉන්දිය ජාතික කාන්තාවන් පස්දෙනෙකු හා ඇමෙරිකානු ජාතික පිරිමි අයෙකු වේ.
කාන්තාවන් පස් දෙනා අතර වයස අවුරුදු පහක කුඩා දැරියක් ද වන බවද ජිවිතාරක්ෂක පොලිස් නිලධාරිහු පැවසුහ.
මෙම පිරිස ගසාගෙන යද්දි ආධාර ඉල්ලා කෑගසන හඩට ජිවිතාරක්ෂක නිලධාරින් මුහුදට බැස පීනාගොස් අනතුරට ලක්වු අය බෝට්ටුවකින් ගොඩ බිමට ගෙන එද්දි මුදාගෙන ගොඩබිමට ගැනිමට වෙරලාරක්ෂක නාවික භටයෙකුද එක්විය.
ජිවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ජිවිතාරක්ෂක ඒකකයේ කොස්තාපල්වරුන් වන (30505) මාරසිංහ, (66365) සමරසිංහ, (67459) මධුසංක, යන නිලධාරින් මෙම ජිවිත බේරාගනු ලැබුහ.
මෙම අනතුර සිදුවු ස්ථානයට ආසන්න වෙරලේ හෝටලයක සිදු වු විදේශිය යුවළකගේ විවහා මංගල්‍යයකට මෙම පිරිස පැමිණ ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම උතුම් ක්‍රියාවක්... මෙයට ඉදිරිපත් වූ සියලුම දෙනාට අපේ ප්‍රණාමය...!!!
ඉතාම පැසසුමට ලක්වියයුතු උතුම් වීර ක්‍රියාවක්... මුහුදේ ඉන්නවිට සමහර අවස්ථාවල දිය සුළි ඉතා නිමේෂයකින් ඇතිවන නිසා ඒවාට අසුවුවහොත් පිහිනා ගොඩ එම ඉතාම අසීරු කාර්යයක් වෙනවා. මෙවැනි අවස්ථාවක එම පිරිසගේ ජීවිත ගලවා ගැනීමට හැකිවීම ඉතාම ගුණවත් ක්‍රියාවක්. මෙවැනි සේවාවන්හි නියුතුව ඉන්නා පිරිස් ඒ සඳහා සිය දායකත්වය ලබාදෙන්නේ තමන්ගේ ජීවිත පවා අනතුරට ලක් කරවමින්... මේ නිසා ඔවුන්ගේ මෙවන් වැදගත් සේවාවන් කවුරුත් අගේ කළ යුතුයි.
ආධාර ඉල්ලා කෑගසන හඬට... ජීවිතාරක්ෂක කණ්ඩායම් අවදානයෙන් ඉන්න ඕනෑ වෙරළේ දියනාන දියට බැසඉන්න අයගේ ආරක්ෂාවට ඒ අයදිහා තමන්ගේ උකුසු ඇස යොමුකරන්න. ඊයේ දිනය ගත්දී විශාල ප්‍රමාණයක් විවිධ වයස් සීමාවන්වල අය දියේ ගිලී මිය ගිහින්.... හේතුව සමාජය දැනුවත් කරන අායතන වගකීම් පැහැර හැරීම. මේ හය දෙනාට තවත් ලෝකේ ජීවත්වෙන්න වාසනාව තිබිලා ජීවිතාරක්ෂක නිලධාරීන්ට පැසසුම් හිමිවේ.
සහතිකයි, මේ අය කර ඇත්තේ උතුම් ක්‍රියාවක්... මාගේ ලංකා වීරයන්ට ජයෙන් ජයම ලැබෙනවා !!!