(ප්‍රේමතිලක පෙරමුණ )
පැලවත්ත තිනියාවල මාර්ගයේ 6 කණුව වංගුවේ දී අද (23) පස්වරුවේ ලොරියක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන්ගත් එකම පවුලේ සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාල ලැබූ අය අතර එකම පවුලේ මව, පියා වයස අවුරුදු 7 ක පමණ කුඩා දියණියක් සහ වයස අවුරුදු තුනක පුතකු වන බව තිනියාවල පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අනතුර සිදුවීමක් විනාඩි කිහිපයකට පසු අහම්බෙන් මාද එම ස්ථානයට ගියා. මෙතන තියෙන්නේ s අකුරු වංගුවක්.... බොහොම පරෙස්සමින් යන්න ඕනෑ ස්ථානයක්.... ප්‍රපාතයකට බැහැලා ප්‍රදේශවාසීන් තුවාලකරුවන් උඩට ගෙනාවා. පාරේ යන වාහන නවත්තලා තුවාලකරුවන් මීගහතැන්න රෝහලට යවන්න ප්‍රදේශවාසීන් යුහුසුළුව කටයුතු කළා. තුවාල වී ලේ ගලමින් සිටි කුඩා දරුවෙක් දෑතට අරන් පාර මැදටවිත් කෑ ගහලා එම ස්ථානයෙන් මීගහතැන්න දිසාවට යමින් තිබූ සුදු පැහැති අළුත්ම මෝටර් රථය නවත්වන ලෙස ආයාචනා කළා.. එහි සිටියේත් තරුණයෙක්... ඔහු ඉල්ලීම ඉතා සැහැල්ලුවෙන් ප්‍රතික්ෂේප කර රූං ගාලා s අකුරු වංගුව පසු කලා කතාවට අදාල දෙන්නාම තරුණයෝ ... මට මතක් වුණා කතාවක්. ..මහ සුළගට කූඩුව කැඩිලා එකම පවුලේ ගිරා පැටවූ දෙදෙනෙකු ...සොරමුලක් සිටි තැනට හා තාපස ආශ්‍රමයකට වැටුණු .....