(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසර තිස් හතරක කාලයක් තුළදී ජාතික හැදුනුම්පත් අංකය තෙවරක් වෙනස්වූ ව්‍යාපාරිකයකු සිව්වැනි වතාවටත් නිවරදි අංකයක් සහිත හැදුනුම්පතක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියදී හමුවිය.
කල්එළිය මස්ජීද් මාවතේ පදිංචි මොහමඞ් ෂප්වාන් තාහීර් මහතා වෙත 1984 දෙසැම්බර් මස 13 වැනිදා පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව මගින් අංක 491972749 වී දරණ ජාතික හැදුනම්පත නිකුත් කර ඇත. ඔහුගේ හැදුනුම්පත නැතිවීම නිසා 2010 වසරේදී නැවත හැදුනුම්පත ලබා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ 2010 ජූලි මස 06 දිනැතිව ඔහුට ලබාදී ඇති ජාතික හැදුනුම්පතේ අංකය 491973757 වී ලෙස සදහන්ව ඇත.
මේ සම්බන්ධව තාහීර් මහතා පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ විමසීමේදී 2010-08 13 දිනැති ලිපිය මගින් සහකාර කොමසාරිස් එච්.ආර්. ජයරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපිය මගින් තාහීර් මහතාට මුල්වරට නිකුත් කර ඇති අංකය වෙනත් අයකුට අයත් එකක් බවත් කාර්යාලීය ප‍්‍රමාද දෝෂයක් නිසා ඔහුට එම අංකය ලබාදී තිබූ නිසා සංශෝධිත අංකය ලබාදී ඇති බව දන්වා ඇත.
පසුව තාහීර් මහතාට අයත් ජංගම දුරකතනයක් නැතිවීම සම්බන්ධයෙන් කළ පැමිනිල්ලක් විභාගයේදී ඔහුට දෙවන වතාවට ලබාදී ඇති අංකය වෙනත් පුද්ගලයකු භාවිත කරන එකක් බව හෙළිවී ඇත.
ඒ අනුව හෙළිවූ තොරතුරු අනුව එම අංකය භාවිත කරන මහනුවර දන්තුරේ මුන්වතුගොඩ ඉස්මායිල් මහම්මදු ජෙබී මහතා එම අංකය යටතේ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවද හෙළිවී තිබේ.
එම අංකයෙන් කල්එළියේ තාහීර් මහතාට 2013 දී ගමන් බලපත‍්‍රයක් නිකුත් කර තිබීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය මගින් පුද්ගලයින් ලියා පදංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව විමසා ඇත.
ඒ අවස්ථාවේදී පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයෙන් 2017 12 08 දිනැතිව නිකුත් කළ ලිපියෙන් අංක 491973757 වී හැදැනුම්පත නිකුත් කර ඇත්තේ මහනුවර දන්තුරේ ජෙබී මහතාට පව දැනුම්දී ඇත. එමෙන්ම කල්එළියේ තාහීර් මහතාට හිමි ජාතික හැදුනුම්පත් අංකය 491973749 වී බවත් එම ලිපියේ දන්වා ඇත.

මේ අනුව කල්එළියේ තාශීර් මහතාගේ හැදැනුම්පත් අංකය යළි ගැටලූවක් වී ඇති අතර ඔහු එය නිවරදි කර ගැනිමට කටයුතු කරමින් සිටී.
ඒ සදහා රුපියල් 750 ක් ගෙවියු යතු බව දන්වා ඇති බවත් මේ හේතුව නිසා තමන්ගේ ව්‍යාපාර හා පෞද්ගලික කටයුතු වලදී මහත් අවහිරයක්වී ඇති බවත් මේ ගැන නිසි බලධාරීන් මැදිහත්ව නිවරදි කරදීය යුතු බවත් තාහීර් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිස්සු නිලධාරීන් නිසා මහජනයා නිකරුනේ අපහසුතාවයට පත්වෙනවා. අපේ ගම් පළාතෙත් එකම අංකය නිකුත් කරපු සිද්ධියක් වුණා. ඡන්දය දාන්න යන හැමදාම එයාට ගැටලු ඇතිවුණා. සෑහෙන කට්ටක් කන්න වුණා ඒක හන්දා. අද තාක්ෂණය උපරිමයට තියෙනවා. ඇයි ඩුප්ලිකේට් ඒවා හොයලා මේවා විසඳලා දාන්න බැරි...
අහෝ දුකකි!
ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු දෙකට පසුගිය කාලයේ රුපියල් ප්‍රකෝටි කිහිපයක් වටිනා ගොඩනැගිලි, යානවාහන, පරිගණක වැනි පහසුකම් ලබාදුන්නත් මේවාගෙන් වැඩක් කරගන්න ගියාම වන රස්තියාදුව ඉස්සරට වැඩිය වැඩියි. මේවගේ වැඩ නිතර නිතර වැරදියට කරන නිලධාරීන්ට නිසි දඬුවම් දෙන්නේ නැතුව මේවා හදන්න බැහැ.
වාසනාවට 222222222 ක් වුනේ නැහැ...
මෙයට අදාල රජයේ නිලධාරීන්ට මොනවා වෙලාද? මෙහෙම වැඩක්වත් කරගන්න බැරිද හරියට..
ආගමන විගමන දෙපාර්මේන්තුවටද ගියාම මුළු දවසම ඕනේ වීසා එක ලබා ගන්න උදේ 9 සිට අන්තිම වසයෙන් සවස 2 -3 පමණ වෙන තුරු ඉන්න ඕනේ මේ මගේ අත්දැකීම් නමුත් මුදලින් රුපියල් 10 000 ගන්න අතර ඒ සදහා දෙනු ලබන රිසිට් පත්වත් හරියට කියවන්න බැරි විදහට මුද්‍රණය කරන්නේ