(විනීතා එම් ගමගේ)
ශ‍්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද ඇතැයි පැවසේ.
මෙරට අධිකරණ හා හමුදා අධිකරණ මඟින් ලබාදුන් නියෝග මත මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇති බවත් හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම කණ්ඩායම්වල ප‍්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් පැවසේ.
ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ අංශවෙත උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ සිට විදේශ ගතවෙන්න ගුවන් ගමන් බලපත් ලබාගත් අයගේ ලේඛනයක් ආගමන හා විගමන පාලක ආයතනය හා සම්බන්ධ කිරීම තුළින් ගුවන් තොටුපලට යන්න කලින් නිතිය ක්‍රියාත්මක කළ හැක .
කිසිම තේරුමක් නැති වැඩක්. උසාවියෙන් විදේශ ගමන් අත් හිටුවනවා. නමුත් ඒ කට්ටියට යන්න අවශ්‍ය උනහම උසාවියෙන්ම විදේශ ගමනක් සඳහා තාවකාලික අවසරයක් ලබාදෙනවා. විදේශ ගමන් තහනම් කල කීදෙනෙක් උසාවියෙන්ම අවසර ලබාගෙන අවශ්‍ය අවස්ථා වලදී පිටරට ගිහින් තියෙනවාද? මේවා නිකන් කාලය සහ සල්ලි ගිලින වැඩ.
හමුදාවෙ 30000කට එකවර තහනම පැනවුනේ කොහොමද?
දේශපාලනඥයන් ඉන්නවනම් ඒ ලේඛනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන් ඉන්නම එපැයි. ඒත් මේ අනිත් පිරිස ගැන තමයි කණගාටු.