බිමල් ශ්‍යාමන් ජයසිංහ
පුද්ගලයන් 14 දෙනකු ගමන් ගත් වෑන් රියක් අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 26.2 කණුව අසල කළුතර දකුණ ප්‍රදේශයේ දී පෙරලීමෙන් කාන්තාවන් හතර දෙනකු කුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
හම්බන්තොට ප්‍රදේශයේ ඥාති නිවෙසකට යෑම සඳහා මෙම පිරිස කඩුවෙලින් වෑන් රථය අධිවේගයට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
වෑන් රථය මාර්ගයේ මැද ආරක්ෂක වැටෙහි ගැටීමත් සමඟ ඉදිරිපස රෝදයක් පිපිරීමෙන් වෑන් රිය පෙරළී මීටර 50ක පමණ දුරක් ඇදී ගොස් තිබූ බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd