නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපළිවෙළ ගැන තමන්ට දැඩි කලකිරිමක් ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
තමා ආසන සංවිධායකධුරයෙන් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉවත් කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිධුරයෙන් ඉවත් කිරිම ගැන මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1960 අගෝස්තු මාසයේදී බවත් එතැන් සිට පක්ෂය වෙනුවෙන් බොහෝ කැප කිරිම් කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
පක්ෂයේ වැඩපිළිවළ ගැන ඇති කලකිරිම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට තමා තීන්දු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ මහින්ද රාජපක්ෂ යන දෙකම නැතුව මොවුන්ට වෙන අනන්‍යතාවයක් නැහැ. සත්‍යය ඒකයි. බූවල්ලන් වගේ කකුල හැම පැත්තෙම තියාගෙන ඉන්න බලනවා.
ඔබතුමාව එ්කට ගතහොත් එ්කත් අනිවාර්යයෙන්ම පිරිහෙනවා.
අනේ ජෝන් ඔයගොල්ලන් ගැන කියන්න දෙයක් නැහැ.
මේ කට්ටිය ආණ්ඩුවට හේත්තුවෙලා හිටියෙත් මහින්දගේ කුමන්ත්‍රණ දියත් කරන්න. යැව්වට පස්සෙ තමන්ගේ රැලට යන එක අරුමයක්යැ... ගමට වැඩකුත් නැහැ... රටට වැඩකුත් නැහැ.. පළාතට දුරාචාරය නම් බෝ කළා අඩුවක් නැතුව...
අපි හිතුවේ මහින්ද ගාවට ගිහින් ගොඩක් කල් කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කලකිරුනා නම් පක්ෂයේ වැරදි හදාගන්න උත්සාහ නොකර වෙනත් පක්ෂයකට යන්නේ අවංක චේතනාවෙන්ද? නිකන් යන්න මහත්තයා උගුරට හොරෙන් බෙහෙත් බොන්න උත්සාහ ගන්නේ නැතුව.
ගෙදරට වෙලා ඉන්න බැරිද?
ඔහේල කෙරුවයි කියන කැපවීමෙන් මේ රටේ මිනිස්සුන්ට ඇතිවෙච්ච සුගතියක් නෑ.. කැපවීම් කරපු තරමක් කළේ තමන්ගෙ වාසියට වතුර හිඳෙන විල අතහැරලා යන කොක්කු වගේ යන ගමන් බයිලත් කියනවා.
හා!! අනේද කියන්නේ...? එලවනකම් හිටියා මිදි තිත්තයි කියන්න. දැන් ඉතින් මාමණ්ඩියි, ලේලියි එක්කහුවෙලා යමුකෝ ගමනක්...
දැන් මෙතුමාව පෙන්ෂන් අරිමු. නහින දෙහින කාලේ පිනක්වත් කරගන්න.
එළවනතුරුම හිටියේ ඇයි?
දැන්ද යන්නේ මහින්ද ගාවට?
පා.ම. මහින්ද තවම ශ්‍රීලංකා පක්ෂයෙන් අයින් වෙලා නැහැ නේද?
ලැජ්ජාවක් නැති කම තමයි.
පොඩි කලේ ගීතයක් මතක් වුණා.. ජෝන් ..ජෝන් ..පිටිකොටපන්..
ඉතා හොඳ පියවරක්....
කළකිරීම තියෙන්නේ මහජනතාවට.
බය නැතුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් විමල් වීරවංස මහත්තයා සමග එක්වන්න. ජය සිකුරුයි!
දැන්ම අනිත් පැත්තට හේත්තු වුනොත් මැරෙනකම්ම ඇමතිකම රැකගන්න පුළුවන් .කොහොමද ටිකිරි මොලේ ?
ඔබට යන්න තිබුනේ මහින්ද ගාවට නොවෙයි අනුර කුමාර ගාවටයි