බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවක සාරි මිලදී ගැනීමට පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී මෙම සාරිය දැක 119 හරිදිසි ඇමැතුම් අංකයට ඇමැතුමක් ලබා දී තිබෙන බව පොලිසිය පවසයි.
එම පැමිණිල්ල අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් සාරිය පොලිස් බාරයට ගෙන තිබේ. එම සාරිය විකිණීමට දමා තිබූ වෙළෙන්දාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පුළුවන්... කවුරු කොහේදී මේ සාරි මුද්‍රණය කළාද කියා සොයාගෙන ඒ සම්බන්ධව කටයුතු කරන්න.
බුදුරුව සහිත සාරියක් කියන එක ප්‍රශ්නයක් නොවෙයි. බෞද්ධයන් කියමින් බුදු දහමට නිගරු වෙන විදියට වැඩ කරන අය තමයි අත් අඩංගුවට ගත යුත්තේ.
කෙනෙක් සාරියක් හෝ වෙනත් ඇඳුමක් මිලදීගෙන අඳින්නේ තමන් ඒ ඇඳුමට ආසා නිසා. මේ බුදුරුව සහිත සාරියත් අඳින්න කැමති කාන්තාවන් ඉන්නවා නම් එම කාන්තාවන් පමණක් බුදුරුව සහිත සාරි අදිවී. බෞද්ධ අපි හිතනවා මේකෙන් බුදු දහමට හා බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙනවා අදින අයට පව් සිදුවෙනවා කියා.