ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කටයුතු කර තිබේ.
එම අවි, ඝාතන කුමන්ත‍්‍රණයට යොදා ගැනීමට සැළසුම් කර තිබුණේදැයි යන්න මේ වන විට සොයා බැලෙමින් පවතින අතර, මෙය වැදගත් වන්නේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ දෛනික රාජකාරි කටයුතු සදහා මෙවැනි උසස් පරිමානයේ අවිවල අවශ්‍යතාවයක් නොමැති බැවිනි.
බම්බලපිටියේ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ පිහිටි අවි ගබඩාවෙන් මෙම අවි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබාදීම සඳහා නිල වශයෙන් අනුමැතිය දී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාම බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් පැවසුවේය.
පොලිසියේ ප‍්‍රධාන අවි ගබඩාව වන්නේද මෙම අවි ගබඩාවයි.
දුෂණ විරෝධී බලකායේ නායකයා ලෙස තමන් හදුන්වාගන්නා නාමල් කුමාරගේ හමුවීමට පැමිණි ඉන්දියානු ජාතිකයකු බව කියන පුද්ගලයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයෝ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
පුවත්පත් සාකච්ඡාවේදී කුමාරගේ එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෙම පුද්ගලයා තොරතුරු විමසා ඇති බවද දැනගන්නට ඇත
ජනපති සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැළසුම් කර ඇතැයි කුමාරගේ චෝදනා කළේ ය. එම සැළසුම දියත් කිරීම සදහා පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් නැමැත්තා හා සම්බන්ධවන ලෙසට ත‍්‍රස්ත විමර්ශන ඒකකය තමාට දැනුම්දුන් බවද කුමාරගේ පැවසුවේය.
(සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාන්තරය එන්න එන්නම "ෆුල් මැල්ලුමක්" වෙන බවයි පෙනෙන්නේ. නාමල් කුමාර මේ නාටකයේ කතා නායකයායි. ඔහු බොදු බල සේනාවේ ක්‍රියාධරයෙකු බව සඳහන් වෙයි. බොදු බල සේනාව යනු මහින්දට එරෙහිව දියත් වූ මහා මොළ මෙහෙයුමේ ප්‍රධානතම බළල් අත බවද අද බොදු බල සේනාව සිටින්නේ රජයේ එක් පාර්ශ්වයක සෙවනේ බවද, නාමල් කුමාර යනු හිටපු ගුවන් හමුදා සෙබලෙක් මෙන්ම මුදලට පොලිසියට ඔත්තු සැපයූවකු බවද කියයි. මේ පිළිබඳව අන්තර්ජාලයේ දැක්වෙන අලුත්ම තොරතුරු මෙසේය " මහනුවර කෝලාහල දින නාමල් කුමාර මහසෝන් බලකායේ අමිත් වීරසිංහ නිවසට පැමිණියේය. එදින ඔහු යැපුනේ අමිත්ගේ බිරිඳ අතින් පිසදුන් අහාරයෙනි. නිවසට පැට්‍රල් බෝම්බ ගෙන ආවේ නාමල් කුමාරයි. රාත්‍රී අහාරය ගෙන නින්දට ගිය පසු නාමල් කුමාර පොලිසියට ඔත්තුව දුන්නේය. එහෙව් අණක් ගුණක් නැති කෙනෙකු නොකරන දෙයක් නැත. ජනපති ඝාතනයේ තිරකථාවට අනුව නාමල් කුමාර දැන් ඉන්දියානුවෙකුද සම්බන්ධ කර ඇත. ඝාතන කතාව රජයේම කොටස්කාර පාර්ශවයක්.... අනෙක් පාර්ශවය බෙල හීන කිරීමට කරන කුමන්ත්‍රණයේ තවත් කථාංගයකි. මේවා ලෝකයා හිනස්සන රට ආපස්සට යවන හරසුන් නාටක පමණය."
වැඩේ පත්තු වුණාට පස්සේ හත්පොලේ ගාගෙන කෑගහගෙන දඟලනවා වගෙයි මට පෙනෙන්නේ. මෙවැනි දෙයක් වෙන්නට ඉඩ තිබෙන බව මීට වසර ගණනාවකට කලිනුත් හිතුවා. බණ්ඩාරනායක මැතිතුමාට චීවර ධාරියෙක් එවලා වෙඩි තියපු එකට පස්සේ, චන්ද්‍රිකා මහත්මියට ප්‍රභාකරන්ගේ කට්ටිය කියලා කෙනෙක් බෝම්බ ගැහැව්වට පස්සේ, රටම පිළිගත්තු නායකයෙක් අවුරුදු තිහක් රටේ මිනිස්සු මරපු ත්‍රස්තනායකයෙක් විනාශ කිරීම යුධ අපරාධයක් කියන එකට එහෙයි කියලා නැවත බලයට ඒම වැළැක්වූවට පස්සේ, ඊළඟ පිටුව ළඟදීම එයි කියලා. තව ටිකක් කල් මේක එළිනොවුනා නම් මේ මිනිහටත් සිවුරු අන්දලා තවත් සෝමාරාම කෙනෙක් කරන්නත් බැරි නැහැ.
සිනහ වන්නට වඩා ජනතාවට ප්‍රශ්න ඇත, අන්දන්නට වන්නේ ජනතාව ට මිසක් කඩේ යන සුළු පිරිසකට නොවේ
මේවා ඔක්කොම බොරු නාටක විතරයි. මේවා ඇත්ත වෙන්න බැහැ. මිනිස්සු නොමග යවන්න කාලය කන්න කරන විගඩම්. මේවා දිහා බලන් ඉන්න මිනිස්සු රටේ අනිත් ප්‍රශ්න අමතක කරගන්නවා
පොලිස් ඔත්තු කරුවන් හැසිරවීමේදී ඔවුන්ගේ බුද්ධි මට්ටම සැලකිල්ලට ගෙන නිලධාරීන් කටයුතු කරන්නේ. තොරතුරු හුවමාරු කර ගැනීමෙන් හිතවත් කම් කියා පානවා. කොටින්ම කියනවා නම් වටේ අරිනවා..අන්දනවා. මට තියන ගැටළුව නම් ඔය නිළධාරීන්ට මෙවැනි ඝාතන සැලසුමකට මේ මට්ටමේ පොලිස් ඔත්තු කරුවෙකු සහභාගී කරගනීවිද යන්නයි. කොටින්ම ...හරිම ගැටළු සහගතයි.