(රංජන් කස්තුරි)
ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම තවමත් අඩු මට්ටමක පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඉකුත් මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 6% න් පමණක් වන බවද ඉන්දියාවේ 11%න්ද පිලිපීනයෙන් 9% න්ද, ඔස්ට්‍රේලියාවේ 8% කින් ආදී වශයෙන් එම රටවල මුදල් ඒකක අව ප්‍රමාණ වී තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
තවද පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහෝමයක මේ වන විට ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණ වී තිබෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර සනීපයක්නේ දැනෙන්නේ... කිසිම වැඩ පිළිවෙලක් නැති එක ගැන කියන්නේ නැතුව වෙන බයිලා ගහනවා අපිව අන්දන්න.
මුදල් තියෙන කෙනාට... පිට රට ඉන්න කෙනාට මෙය ඉතාමත් වාසි සහගතයි... නමුත් රටේ භාගයක්ම ඉන්නේ දුප්පත් ජනතාවයි. ඒ අයට හැමදේටම දේශගුණයක් ගෙවන්න වෙලා. ඒ ගැන කථා කරන්න රටට මිලියන ගණන් ණය අරගෙන ඒ ණය මුදල් හොරා කෑවා. හොරු ටික එක එක්කෙනාව අල්ලගන්නවා පොලිය නගිනවා. දුප්පතා බඩගින්නේ මැරෙනවා. ඔය කියලා තියෙන රටවල වල මුදල් හොරකම් කරලා නැහැ ආණ්ඩුව ශක්තිමත්... කලින් ආණ්ඩුවයි, මේ ආණ්ඩුවයි හොරා කෑවේ මිලියන ගණන්... දුප්පත් මිනිසාගේ දේ හොරා කනවට වැහි නැති හෙන වදින්න ඕනේ..
ඒ වුණාට ඔය කියන රටවලට අපිට වගේ ඩොලර් වලින් විශාල ණය බරක් නැහැනේ. එම නිසා අපිට ඔය අවප්‍රමාණ වීම බලපානවා වැඩියි. එමෙන්ම, 2015 සිට රුපියල් 30 කට ආසන්න වැඩිම අවප්‍රමාණයක් වුයේත් මේ රජයේ ප්‍රතිපත්ති නිසා.
එදා රනිල්ට බැහැ. අද මංගලට බැහැ.
එහෙනම් ඇයි මෙච්චර බඩු ගණන් යන්නේ...? අපි ගෑස්, සීනි ගේන්නෙත් ඇමරිකාවෙන්ද?
කිඹුල්ලු කනවා ඉවසුවැහැකි මේ කොහිල කටු ඇනෙන එකනේ ඉවසන්න බැරි... විජයකලාට පමණක් නෙමේ.. අනේ කොටි හිටියානං කියලා අපටත් හිතෙනවා දැන්නම්...
ඕක කියන්න තිබුනේ, අපි වගේ පාලකයෝ ඉන්න රටවල් වල මුදල් ඒකක අව ප්‍රමාණ වී තිබෙන බවද, බංගලාදේශය, මාලදිවයින , එක්සත් අරාබිය, කටාරය වැනි මනා කළමනාකරණයක් හා පාලකයන් සිටින අනෙක් ආසියාතික රටවල මුදල් එකක දශමයකින්වත් අවප්‍රමාණය නොවී ඇති බවද සදහන් කලයුතුය යනුවෙනි. කාවද මේ රවට්ටන්න යන්නේ.
අරෙහෙ මෙහෙ රටවල් නෙමෙයි තමන්ගේ රටේ තත්වය ගැන වග කියන්නයි ජනතාව ආණ්ඩු පත් කරන්නේ. තව ටික කලකින් කියාවි අපි ස්වාසිලන්තයටත් වඩා ඉහලින් ඉන්නේ ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා.
අපිට අනුන්ගේ මුදල් අව ප්‍රමාණය වීම වැඩක් නැහැ.. මේකට නිසි පිලියමක් කරන්න. අනික ඔය රටවල් වලට වඩා විශාල ණය බරක් අපේ රටට තියෙන්නේ.
ආසියානු අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම අඩුයි බඩු මිල ඉහළයාම වැඩියි.