‘ජාතික ආණ්ඩුවෙන් ගිය 16 දෙනා ශ්‍රීලනිප මැයි රැළියට එනවා‘ - නිමල් සිරිපාල
ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සිට පසුගියදා විපක්ෂයට එක්වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 16 දෙනාලබන මැයි මස 7 වැනිදා මඩකලපුවේදී පැවැත්වෙන පක්ෂ මැයි දින රැළියට සහභාගී වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මැයි දින කමිටුවේ සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.