කොටින්ට අවි ආයුධ රැස් කළ සිව් දෙනෙකුට සිරදඬුවම්
කොටි සංවිධානය වෙත අවි ආයුධ රැස් කර ඒවා ශ්‍රී ලංකාවට රහසිගතව රැගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එම සංවිධානයේ ආධාරකරුවන් සිව් දෙනෙකුට එරෙහිව තමිල්නාඩුවේ රාමනාදන්පුරම් අධිකරණය විසින් වසර දහය , තුන සහ මාස හය බැගින් වූ සිර දඬුවම් නියම කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (30) වාර්තා කළේය.