ලිට්රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. 06 November 2022
යාල්දේවි පීලි පැන්නත් මගීන්ට බාධාවක් නෑ යාල්දේවි දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය වල මගින් මැදවච්චිය සහ වව්නියාව අතර බස් රථ වලින් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 06 November 2022
අඩු වෙනවැයි කී ගෑස් මිල වැඩි වේ ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය. 06 November 2022
පේරාදෙණිය සරසවියේ නවක වදය ඔන්ලයින් හරහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ . 06 November 2022
පළාත් රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනගිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත්, යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ ද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 06 November 2022
පාප්තුමන් බහරේනයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බහරේනයට පැමිණ සිටී. පර්සියානු ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යයක් වන බහරේනයට, පාප්තුමකු පැමිණි පළමු අවස්ථාව මෙය යැයි වතිකානය කියයි. 06 November 2022
ජනපති ඊජිප්තු යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවර අද 06 දා සිට 18 දා පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊජිප්තු නිල සංචාරයේ මූලික අරමුණයි. 06 November 2022
පුටින් නව නීතියකට අත්සන් තබයි දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තබා තිබේ. 06 November 2022
ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක් ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා ’ලංකාදීප’යට අද (6) පෙරවරුවේ පැවැසීය. 06 November 2022
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 05 November 2022
වික්ටෝරියාවේ දොරටු ඇරෙයි ඉහළ පෝෂණ කලාපවලට ඇද හැළෙන තද වර්ෂාව නිසා වික්ටෝරියා ජලාශයේ වාන් 6ක් විවෘත කර ඇතැයි ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති. 05 November 2022
පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 05 November 2022
කැබිනට් සංශෝධනයට හතරක් හරහට ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මත කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 05 November 2022
එංගලන්තය අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 4 ක ජයක් ලබාගත් එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 05 November 2022
සංගීතය අස්සේ 30 ක්ලාන්තය වෙයි ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයින් 30 දෙනකු පමණ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන් එම සංගීත සංදර්ශනය අතරමග නවතා දැමීමට සංවිධායකවරුන්ට සිදුව තිබේ. 05 November 2022
රුසියා සමාජ ශාලා ගින්නෙන් 15ක් මරුට රුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 05 November 2022
හම්බන්තොට කුඩු සිද්ධියේ තිදෙනා රඳවා ගන්න අවසර අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයෙන් මත්කුඩු කිලො 25 ක් සමග අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ හා තරුණිය දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හම්බන්තොට අධිකරණය අද අවසර ලබා දුන්නේය. 05 November 2022
ජානකී සිරිවර්ධන රිමාන්ඩ් මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එම වංචාවන් සඳහා ආධාර අනුබල දුන් ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරිනියක වන ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (05) නියෝග කළාය. 05 November 2022
යාල් දේවී පීලි පනී කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ඊරට්පෙරියකුලම සහ පූනෑව උප දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමකට ලක්ව ඇත. 05 November 2022
එංගලන්තයට ලකුණු 142 ක අභියෝගයක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තේය. පැතුම් නිස්සංක ලකුණු 67 ක් ලබාගත්තේය. 05 November 2022
පළාත් පාලන සීමා නිර්ණ කමිටුව පත් කෙරෙයි පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කරනු ලැබීය. 05 November 2022
මෙරට මානව හිමිකම් උල්ලංඝණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් යයි එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය. 05 November 2022
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිඩ්නි ක්‍රීඩාංගණයේදී මේ දක්වා ලෝක කුසලාන තරග 5 ක් පැවැත්වී ඇති අතර එම තරග 5 දීම පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. 05 November 2022
සජබ තවත් ලොක්කෙක් කරණමක් ගහන්න යයි සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 05 November 2022
’’අපි ඉන්නේ හිම කන්දක නොවෙයි ගිනි කන්දක’’ ’’අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි. ගිනි කන්දක. ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා ආණ්ඩුවට කියනවා.’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 05 November 2022
ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. 05 November 2022
වැඳලා කියන්නම් යළි නැඟිටින්න නම් එපා නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 05 November 2022
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 November 2022
බසය පාලමේ ගැටී තිදෙනෙක් මරුට යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලීමෙන් එහි ගමන්ගත් තිදෙනකු මිය ගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 05 November 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026