(ඩයනා උදයංගනී, විමුක්ති එස් රුද්‍රිගු සහ මහින්ද නිශ්ශංක )

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ඊරට්පෙරියකුලම සහ පූනෑව උප දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය හන්දිය සහ වවුනියාව අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

කන්කසන්තු රේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය ඊරත්පෙරියකුලම උප දුම්රිය ස්ථානය අතරදී පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ සිට කන්කසන්තුරේ බලා සහ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර ඇතැයි දුම්රිය පාලන මැදිරි කාර්යාලයක කියයි.

පීලි පැනීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මැදවච්චිය දක්වා පමණක් සිදුකෙරන බව පාලන මැදිරි කාර්යාලය පවසයි.