(සනත් ගමගේ)

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයෙන් මත්කුඩු කිලො 25 ක් සමග අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ හා තරුණිය  දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හම්බන්තොට අධිකරණය අද අවසර ලබා දුන්නේය.

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්මත්ද්‍රව්‍ය කිලෝ තුන සමග පුද්ගලයන් තිදෙනා ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

තවත්ද‍ෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය ලබා දී ඇති බවද පොලිසිය කියයි.