රුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
පුද්ගලයකු එම සමාජ ශාලාවේ නර්තන වේදිකාව මත 'ෆ්ලෙයාර් ගන්' සංඥා පිස්තෝලයක් භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබේ.
රුසියානු වේලාවෙන් පාන්දර 2 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර උදෑසන 7.30 පමණ වන විට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදා සමත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd