
(නිමන්ති රණසිංහ)
මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එම වංචාවන් සඳහා ආධාර අනුබල දුන් ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරිනියක වන ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (05) නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති වීම හේතුවෙන් සැකකාරියට ඇප ලබා නොදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජානකී සිරිවර්ඩන යන අය අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (04) පෙරවරුවේදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd