
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 4 ක ජයක් ලබාගත් එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තේය. එංගලන්ත පිතිකරුවෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ට ලකුණු 144 ක් ලබාගත්හ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වසර ගණනක් තිස්සේ ඉන්දියන් පුවත්පත්වල මම කියවලා තියෙනවා, සමහර ක්‍රිකට් මැච්වල ප්‍රතිඵල තීරණය කරන්නේ ඩුබායිවල ඉන්න බුකීස්ලා කියලා. ඒ මැච් කෝටි බිලියන ගණනකට විකිණෙනවා කියනවා. බොහෝ බුකියන්ව අල්ලලා තියෙනවා. කෝටි සියගණන් ලැබෙනවා නම් මේ ලෝකයේ ලොකුම පාලකයන්ට කටට කෙළ උණන එක සැකයක් නැහැ.
නැමීබියාවට පරාද වෙනකොට, ඕස්ට්‍රේලියාවට ගිය දවසේ ඉඳලා ෆාස්ට් බෝලර්ස්ලා ගෙදර එවනවිට, නවසීලන්තයට නිකන් පරාද වනවිට, අපිට දැනුණා වෙන මොකක්දෝ ගේම් එකකුත් වෙනවා කියලා... දක්ෂ ලෙස ක්‍රීඩා කළ හැකි අය මෙහෙම එළියට එනවිට බොහෝ සැක ඇතිවෙනවා තමයි.
දැන් ඉතින් ලංකාවේ මෝඩයින් සෙට් එක කියාවි ‘‘දිනුවත්, පැරදුණත් අපි ඔබ සමගයි‘‘ කියලා... එහෙම කියලා එයාර්පෝර්ට් එකටත් යාවි... එක්කරගෙන එන්න ...
අහම්බයක් නොවුණු නිසා විය යුතු දේ සිදුවිය. මෙලෙස සුපිරි කාණ්ඩයට පවා පැමිණීම මවිතයක් බව කණ්ඩායම ක්‍රීඩාකරන විට පෙනී යයි. යක්ඛ පුතා බැට් එක කරකවයි. තව පුතෙක් ෆාස්ටර් සරණ යයි. තරගාවලියේ බිහිසුණු පන්දු යවන්නා පිටිය මැදට පැමිණ බෝලය බැට් එකේ වද්ද ගන්න දඟලයි. අතිශය දුෂ්කරතා සහ බාධක මැද තරගාවලියට පැමිණ ගෞරවනීය ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කරන සිම්බාබ්වේ කණ්ඩායම ඒ අතින් බලන කල විශිෂ්ඨයි...!