එජාපෙට ’’වැඩ කරන’’ අලි ගනියි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අනිද්දා (01) සිට ආරම්භ කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 29 November 2022
ඕමාන තානාපති කාර්යාලයේ හිටපු තෙවන නිලධාරියා රිමාන්ඩ් ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි තුන්වන නිලධාරියාව සිටි එදිරචාරිගෙ කුෂාන් ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය . 29 November 2022
බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 November 2022
පුරාවිද්‍යා ස්ථාන රකින ආයතනවල අයට දිරිදීමනාවක් පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 29 November 2022
මහනුවර පිළිකා රෝහලේ ඒ.සී ප්රශ්නය තවම විසඳිලා නැහැ මහනුවර පිළිකා රෝහලේ වායු සමීකරණ යන්ත්‍රවල ප්රශ්නය තවම විසඳී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
බෝට්ටුවෙන් ලෙබනනය හරහා ඉතාලියට යවන ජාවාරමක් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට තොරතුරු ලැබී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 29 November 2022
ජනපති සජිත්ට ධර්මයෙන් පිළිතුරු දෙයි දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය ඇති,අසත්පුරුෂ ධර්මය අනුව ක්‍රියාකිරීම පිරිහීමේ දොරටුවක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් ලබා දෙමින් පැවසීය. 29 November 2022
සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක් ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය. 29 November 2022
ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
සම්බාහනයට කියා ගෙන්වාගෙන සේසතම කොල්ල කාලා ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 29 November 2022
කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විසි කරයි කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත් කරන ලද පරීක්ෂණ කොමිසම තහනම් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා අද තීරණය කළේය. 29 November 2022
තමිල්නාඩු ධීවරයන් බේරා දෙන්නැයි ඉන්දීය විදේශ අමාත්යට ලිපියක් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉල්ලීමක් කර ඇත. 29 November 2022
ඉදිකිරීම් ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන ආකාරය අනුව ක්‍රමානුකූලව ගෙවීම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණනක පොල්ලක් රජයේ ව්‍යාපෘතිවලට සම්බන්ධවූ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට රුපියල් කෝටි දහ නව දහස් පන්සියයක් මෙතෙක් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2022
විදේශ රැකියා ආයතන 13ක බලපත්‍ර අත්හිටුවයි විදේශ රැකියා නියෝජිත ආයතන 13 කට හිමිව තිබූ පුද්ගලයන් විදේශගත කිරීමේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 29 November 2022
ව්‍යාජ මුද්දරවලින් ඕමාන් යන්න හැදූ කතුන් දෙදෙනෙක් මාට්ටු රැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය ව්‍යාජ ලෙස යොදාගෙන ඕමානයට රැකියා සඳහා යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් භාරයට ගත් බවත් එම කාන්තාවන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා එම කාර්යාංශයේ විමර්ශන ඒකකයට යොමුකළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් පැවසීය. 29 November 2022
2023 උසස් පෙළට සියයට 80 අනිවාර්ය කිරීම අසාධාරණයි ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක පැමිණීමක් අනිවාර්ය කිරීමේ තීරණයේ ගැටලුවක් පවතින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 November 2022
ලංකාව මන්දපෝෂණයෙන් ලෝකයේම 5වන තැනට ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනට ද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 29 November 2022
කිරිපිටි කිලෝ එක් ලක්ෂ පනස් තුන් දහසක් හොරට ගෙනල්ලා ආනයන අපනයන නීති නොසලකා හරිමින් නීති විරෝධී ආකාරයට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ පනස් තුන් දහස් තුන්සිය හැත්තෑ පහක් අඩංගු 40 බහාලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා කොළඹ වරායට පසුගිය ඔක්තෝබර් මස විසි වෙනිදා ගෙනැවිත් ඇතැයි තොරතුරු අනාවරණයවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) පැවසීය. 29 November 2022
සුබසාධක ප්රතිලාභ ගෙවීමේ නියෝගවලට කැබිනට් අනුමැතිය සුබසාධක ප්රතිලාභ ලබාදීමේදී වඩාත් සුදුස්සන්ට එය ලබාදීමට හැකිවන පරිදි 2002 අංක 24 දරණ සුබසාධක ප්රතිලාභ පනතේ විධිවිධාන යටතේ සුභසාධක ප්රතිලාභ ගෙවීමේ නියෝග පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 29 November 2022
සේලයින් තිබෙන්නේ මාසෙකට පමණයි අත්‍යවශ්‍ය ඖෂධ 636න් ඖෂධ 185 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නැතැයි සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 November 2022
අලි සබ්රිගේ ප්‍රකාශය චීනය අනුමත කරයි ශ්‍රී ලංකාව චීන ණය උගුලක හසුවී ඇතැයි බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය චීනය අනුමත කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා ඊයේ(28) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 29 November 2022
ගම්මුන්ගේ විරෝධය නිසා විදුලි වැට 26ක වැඩ නවතී විදුලි අලිවැට ඉදි කරනවාට ගම්වැසියන් විරුද්ධ වීම නිසා වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා 2022 වසරේ ඉදි කිරීමට නියමිතව තිබූ විදුලි වැට 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. 29 November 2022
අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 29 November 2022
කොළඹ වරායට සේන්දූ වූ සද්දන්තයා ලොව අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන ’’මේන් චිෆ් 5’’ අද අලුයම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්දු විය. 29 November 2022
පිස්තෝලයක්, උණ්ඩ සමග හිටපු කපිතාන් අල්ලයි මයික්‍රෝ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 14ක් සමග හිටපු හමුදා කපිතාන්වරයෙකු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත ්බව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි. 29 November 2022
දරුවන්ට දෙන්න ගෙනා මත් ගුලි තොගයක් අල්ලයි නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි. 29 November 2022
පළාත් කීපයකට අද රාත්‍රී තද වැසි ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (29) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 November 2022
ඕමානයේ හිටපු තෙවන නිලධාරියා අත්අඩංගුවට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් කතුන් ජාවාරම් කළැයි සැකපිට තහනමට ලක් වූ ඊ.කුෂාන් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 November 2022
දිඹුලාගල ආරන්යයේ විදුලිය කපයි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක හිමියෝ පැවසූහ. 29 November 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026