(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳ වටලා කුඩා බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි දරුවන් මෙම බෝල සහ ලොලොපොප් වලට ඇබ්බැහි වී ඇති බව මව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය පාසල් දරුවන් මත් වෙළෙන්දන්ගෙන් බේරගන්න මේ වෙනකොට ගන්න ක්‍රියාමාර්ග මදි.මේ වගේ වෙළෙන්දන්ට මරණ දඬුවම දෙන්නම ඕනේ !!! මේ තත්වය දැන් බොහෝ කාලයක සිට තියෙනවා. හැම පාසලකම වගේ මතට ඇබ්බැහි වූ දරුවන් පිරිසක් හෙමිහිට බෝ වෙනවා. දැන්මම ක්රියාත්ම ක උනේ නැතිනම් ................අපිට මෙක්සිකොවක්, මල කඳන් ඇවිදිනවා වගේ තරුණ පරම්පරාවක් ඉක්මනින් දකින්න ලැබේවි. දැනටමත් පාසල් දරුවන් 18000 -25000ක් අතර මත ඇබ්බැහි වෙලා.
මත ද්‍රව්‍ය නොවෙන රස කැවිලි වුනත් ප්‍රමිතියක් නැති මේ වගේ දේවල් දරුවන්ට විකුනලා සල්ලි හම්බකරන්න තරම් පහත් මිනිස්සුන්ද දැන් මේ රටේ ඉන්නේ?
#මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.# වාර්තාව එන්න ඉස්සර මත්වන නිෂ්පාදන කියලා කියන එක වැරදියි . ඔය කියන විදිහට නිෂ්පාදන පානදුර විතරක් නෙවෙයි හැම තැනකම විකිණෙනවා. කිසිදු වාර්තාවක් නැතිව වරදකරු කියලා කියන එක, සැකපිට අත්අඩංගුවට ගන්න එකත් පොලිස්ය කරන නාටකයක්. මාත් ළමයි 4 දෙනෙක් ගේ තාත්තා කෙනෙක් ,