
(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක හිමියෝ පැවසූහ.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා විදුලිය නොමිලේ ලබා දුන් අතර එතැන් පටන් බලයට පත් සෑම රජයක් විසින්ම විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ අතර වත්මන් රජය මගින් හිටි හැටියේ මෙහි විදුලිය කපා දැමීම් දැඩි කනස්සල්ලට පත්ව වු බවද සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ,
අපවත් වී වදාළ දිඹුලාගල ආරනණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ ජාතික, ආගමික, ශාසනික මෙහෙවර අගය කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සෑම රජයක්ම විදුලිය, ජලය, ඇතුළු සියලු පහසුකම් ලබා දුන් අතර වන අලි තර්ජන දැඩිව පවතින දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමිය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් තම ස්වාමීන් වහන්සේලා දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විශේෂ ප්‍රකාශයක් කරමින් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී ොය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
මෙම මාසය වනවිට විට විදුලි බල මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5කට වැඩි විදුලි බිලක් ආරණ්‍ය සේනාසනය වෙත ලැබී තිබෙන අතර මෙරටේ ඇතැම් මැති, ඇමතිවැතිවරු, රුපියල් ලක්ෂ, කෝටි ගණන් ජල, විදුලි, බිල්පත් රජයට ගෙවීමට තිබෙන වකවානුවක දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ය ආයතනයකට මෙවැනි විදුලි විසන්දි කිරීම අසාධාරණය බවද මේ පිළිබඳ වහා අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අගමැතිවරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි .එහෙත් උවමනා ප්‍රමාණයටත් වඩා ඇති ඉදිකිරීම් සහ දිනපතා ලැබෙන ආධාර නිවැරැදිව කලමණාකරනය කලා නම් ඔය වගේ විදුලි බිල් දහයක් උනත් ගෙවන්න බැරි නෑ..
මෙම විහාරය රජමහා විහාරයක්ව පැවතුන කිසි විටෙක තාක්ශනික විදුලිය තිබුනෙ නැහැ නමුත් විහාරය සිලවතුන්ගෙන් පිරි පැවතුන හොදින් පවවත්වාගෙන ගියා
පන්සල් වලට වෙන ආගම් වලට වගේ එන්.ජී.ඕ වලින් කෝටි ගණන් සල්ලි හම්බෙන්නේ නෑ. ගමේ මිනිස්සුන්ගෙන් හම්බෙන රුපියල් සීය සීය එකතු කරලා තමයි මාසෙ ලයිට් බිල ගෙවන්නේ. එක පාරටම බිලේ වෙනසක් කරාම පන්සල් වලට ඒක දරා ගන්න අමාරුයි. පන්සල් විතරක් නෙමේ, දුර බැහැර පල්ලි සහ කුඩා කෝවිල් වලටත් ඒක අමාරුයි. ඒක නිසා ඒ ගැන සහනයක් දෙන්න. රටට අමාරුයි කියලා දෙසීය විසිපස් දෙනාගේ සහන කැපුවෙ නෑනේ.
කොටි ත්‍රස්ථයන් මායිම් ගම්මාන වලට පැනලා සිංහලයන් කෑලි කෑලි කපද්දී, උන්ට සෙවන ආරක්ශාව දුන්නේ මේ පන්සල. සිංහලයන් විතරක් නෙමේ අහිංසක දෙමළ මිනිස්සුන්ටත් අනන්තවත් උදව් කරා. එහෙම තැනක තමයි තොපි මේ ලයිට් කපලා තියෙන්නේ. ඔය තොපිලගේ කෙහෙම්මල් පාර්ලිමේන්තුවට වඩා සේවයක් කරපු පන්සලක් මේක. අන්න ඒක මතක තියා ගනිව්.
සියලු ආගමික ස්ථානවල විදුලිය විසන්ධි කල යුතුයි. අතීතයේ විදුලිය තිබ්බෙ නැහැනෙ
විදුලි බිල් නොගෙවා පොලු තියපු දූෂිත දේසපාලුවන්ගේ ව්දුලියත් විසන්ධි කරනවා ද?