
(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක හිමියෝ පැවසූහ.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා විදුලිය නොමිලේ ලබා දුන් අතර එතැන් පටන් බලයට පත් සෑම රජයක් විසින්ම විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ අතර වත්මන් රජය මගින් හිටි හැටියේ මෙහි විදුලිය කපා දැමීම් දැඩි කනස්සල්ලට පත්ව වු බවද සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ,
අපවත් වී වදාළ දිඹුලාගල ආරනණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ ජාතික, ආගමික, ශාසනික මෙහෙවර අගය කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සෑම රජයක්ම විදුලිය, ජලය, ඇතුළු සියලු පහසුකම් ලබා දුන් අතර වන අලි තර්ජන දැඩිව පවතින දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමිය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් තම ස්වාමීන් වහන්සේලා දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විශේෂ ප්‍රකාශයක් කරමින් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී ොය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
මෙම මාසය වනවිට විට විදුලි බල මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5කට වැඩි විදුලි බිලක් ආරණ්‍ය සේනාසනය වෙත ලැබී තිබෙන අතර මෙරටේ ඇතැම් මැති, ඇමතිවැතිවරු, රුපියල් ලක්ෂ, කෝටි ගණන් ජල, විදුලි, බිල්පත් රජයට ගෙවීමට තිබෙන වකවානුවක දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ය ආයතනයකට මෙවැනි විදුලි විසන්දි කිරීම අසාධාරණය බවද මේ පිළිබඳ වහා අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අගමැතිවරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.


2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිඹුලාගල ආරන්‍යයේ විදුලිය කපයි
Samansiri Tuesday, 29 November 2022 08:22 AM
කණගාටුයි .එහෙත් උවමනා ප්‍රමාණයටත් වඩා ඇති ඉදිකිරීම් සහ දිනපතා ලැබෙන ආධාර නිවැරැදිව කලමණාකරනය කලා නම් ඔය වගේ විදුලි බිල් දහයක් උනත් ගෙවන්න බැරි නෑ..
MadhuraTuesday, 29 November 2022 11:28 AM
පුලුවන්කමක් තිබුනා නම් නොගෙව ඉන්නේ නෑ. මේ මිනිස්සු දිඹුලාගල තියා ටවුමට වත් යාගන්න බැරුව ඉන්න කාලයක්. මේ කාලේ මිනිස්සු වන්දනා ගමන් යන්නේ නෑ. ඒ නිසා ආදායම් නෑ. ඒ පැති වල ඉන්න මිනිස්සුන්ට එච්චර දෙයක් දරා ගන්න බෑ. පන්සලකට පල්ලියකට යන මිනිහා තමයි දන්නේ ඒවයේ ඉන්න හාමුදුරුවරු පූජකවරු කරන කැපකිරීම්. හිස් මිනිස්සුන්ට ඒව තේරුම් කරවන්න හරි අමාරුයි.
veera parakrama bahu Tuesday, 29 November 2022 09:40 AM
මෙම විහාරය රජමහා විහාරයක්ව පැවතුන කිසි විටෙක තාක්ශනික විදුලිය තිබුනෙ නැහැ නමුත් විහාරය සිලවතුන්ගෙන් පිරි පැවතුන හොදින් පවවත්වාගෙන ගියා
MenakaTuesday, 29 November 2022 11:47 AM
ඒ කාලේ මිනිස්සු ධර්මය ඉගෙනගෙන ධර්මය හරහා තමන්ගේ වැරදි දැක දැක ඒවා හදාගන්න උත්සාහ කරා. අද නොමිනිස්සු තමන්ගේ වැරදි වහගෙන හාමුදුරුවන්ටයි පන්සලටයි බැන බැන යනවා. ඒකයි වෙනස.
Senaka Tuesday, 29 November 2022 10:18 AM
පන්සල් වලට වෙන ආගම් වලට වගේ එන්.ජී.ඕ වලින් කෝටි ගණන් සල්ලි හම්බෙන්නේ නෑ. ගමේ මිනිස්සුන්ගෙන් හම්බෙන රුපියල් සීය සීය එකතු කරලා තමයි මාසෙ ලයිට් බිල ගෙවන්නේ. එක පාරටම බිලේ වෙනසක් කරාම පන්සල් වලට ඒක දරා ගන්න අමාරුයි. පන්සල් විතරක් නෙමේ, දුර බැහැර පල්ලි සහ කුඩා කෝවිල් වලටත් ඒක අමාරුයි. ඒක නිසා ඒ ගැන සහනයක් දෙන්න. රටට අමාරුයි කියලා දෙසීය විසිපස් දෙනාගේ සහන කැපුවෙ නෑනේ.
Nirmala Tuesday, 29 November 2022 10:20 AM
කොටි ත්‍රස්ථයන් මායිම් ගම්මාන වලට පැනලා සිංහලයන් කෑලි කෑලි කපද්දී, උන්ට සෙවන ආරක්ශාව දුන්නේ මේ පන්සල. සිංහලයන් විතරක් නෙමේ අහිංසක දෙමළ මිනිස්සුන්ටත් අනන්තවත් උදව් කරා. එහෙම තැනක තමයි තොපි මේ ලයිට් කපලා තියෙන්නේ. ඔය තොපිලගේ කෙහෙම්මල් පාර්ලිමේන්තුවට වඩා සේවයක් කරපු පන්සලක් මේක. අන්න ඒක මතක තියා ගනිව්.
සේදිරිස් අප්පුහාමිTuesday, 29 November 2022 11:36 AM
අද ඉන්න රෝන්ග් ජෙනරේශොන් එක මායිම් ගම්මාන කියන්නේ මොකද්ද කියල වත් දන්නෙ නෑ. අහල බලන්න ඔය ජෙනරේසමේ එකෙක්ගෙන් කිතලගම ශ්‍රී සීලාලංකාර කියන්නේ මොන හාමුදුරුවොද කියලා.. ඔය එකෙක් වත් දන්නෙ නෑ. මහත්තයෝ කොහේ හරි ලියල තියා ගන්න. මේ වගේ මරි මෝඩ සිංහල කියල ජාතියක් තව අවුරුදු 20ක් වත් ලංකාවෙ ඉතුරු වෙන්නෙ නෑ මෙහෙම ගියොත්.
sujeewarTuesday, 29 November 2022 12:00 PM
හෑ ... මොනවා ... ලංකාවෙ ත්‍රස්තවාදයක් තිබුනද ? ඒකෙන් අවුරුදු 30 ක් අහිංසක මිනිස්සු බැට කෑවද? අර රැවුල වවාගත්ත සිංහයෙක් වගේ හාමුදුරුවො කෙනෙක් හිටියද? ඒ කාලෙ තැන තැන බෝම්බ පිපිරිලා මහා විනාශයන් සිද්ධ වුනාද? ඒ කාලේ ත්‍රස්තවාදී ක්‍රියා වලින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ මානව හිමිකම් කැඩුනද? ඒ කාලෙ මේ පන්සලෙන් මිනිසුන්ව ආරක්ෂා කෙරුවද? වෙන්න බැහැ.. අපි දන්නෙ නැහැනේ එහෙම දෙයක්... දැන් හැමෝම කියන විදිහට හමුදාව විතරනෙ වැරදි කරලා තියෙන්නේ. අර අරගල කරන දේශප්‍රේමීන් වත් කිව්වෙ නැහැනෙ... කොහොම වුනත් පන්සලකට විදුලිය නිකම් දෙනවට වඩා පින් සිද්ධ වෙනවා පාඩු ලබන මණ්ඩලේ සේවකයන්ට බෝනස් අතිකාල දෙන්න ඒ මුදල් වියදම් කරන එක. හා නැත්ද... දැන් ඉන්න එවුන්ට රට ජාතිය ගැන හැඟීමක් තියෙනවද? ආත්මාරථකාමීත්වය මිසක්...
දීපාල් Tuesday, 29 November 2022 11:29 AM
සියලු ආගමික ස්ථානවල විදුලිය විසන්ධි කල යුතුයි. අතීතයේ විදුලිය තිබ්බෙ නැහැනෙ
විපරමා Tuesday, 29 November 2022 07:53 PM
විදුලි බිල් නොගෙවා පොලු තියපු දූෂිත දේසපාලුවන්ගේ ව්දුලියත් විසන්ධි කරනවා ද?