බඹරු ඇන දෙදරු පියා මරුට නොරෝච්චෝල නිර්මලපුර දළුව ප්රදේශයෙ බඹර ප්රහාරයකට ලක්වු දෙදරු පියකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 17 August 2023
පළා බබාලා නැතත් කෝටි 14,000ක් වැඩිපුර ගිලලා පළාත් සභාවලට නියෝජිතයන් පත්ව නැති තත්වයක් තුළ වුවද පසුගිය වසරේ පළාත් සභාවල වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136 ක මුදලක් වැඩිපුර වැය කර ඇති බව මුදල් කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි. 17 August 2023
ලංවීම නිලධාරිනියක් කොරහත් බිඳගෙනම ගිහින් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විශ්රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ. 17 August 2023
අදත් ලොකු වැස්සක් නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 17 August 2023
බඹන මතින් ගිය රථය දැක පොලිසියත් ගල් ගැහෙයි අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ අවමංගල්ය රථයක් දී නතර කළ පොලිස් නිලධාරීන් එම රථය පොලිසියට රැගෙන ගිය පසුව එහි මළසිරුරක් තිබෙනු දැක තුෂ්නිම්භූත වූ සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වේ. 16 August 2023
මුහුද නිරීක්ෂණයට අලුත් ගුවන් යානයක් ශ්රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්රී ලංකාව වෙත නිල වශයෙන් බාරදීම අද(15) සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් කටුනායක පැවති උත්සවයකදී ගුවන් යානය බාර දුන්නේය. 16 August 2023
සොලෙක්ස් සමාගම් සමූහයට ‘‘විශ්වසරණ අභිෂේකා” උපහාරය ශ්රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් BMICH හිදී සංවිධානය කරන ලද තිළිණ පුජා - 21 වැනි උපහාර උළෙලේදී සොලෙක්ස් සමූහය විශ්වසරණ අභිෂේකා යන උපහාරයෙන් පිදුම් ලැබීය. 16 August 2023
නාගොඩ රෝහලේ මහ වලියක් නාගොඩ මහ රෝහලේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන් පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් අතර අද පස්වරුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව රෝහල් කරයි. 16 August 2023
දුප්පත්කම දැරියක බිලි ගනී? සෙවණගල, ඉඳුනිල්පුර, සූරියආරේ කුඩා නිවෙසක දැඩි අගහිඟකම් මැද ජීවත්වන පවුලක 16 හැවිරිදි පාසල් සිසුවියක මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. 16 August 2023
කහවත්තේ නිල් මැණිකට ලක්ෂ 4300 කහවත්ත, කට්ටංගේ ප්රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය. 16 August 2023
‘‘කස්තුරි සුවඳ‘‘ සිකුරාදා රූපවාහිනියෙන් හැත්තෑව දශකයේ ඉතා ජනප්රිය විනෝදාත්මක චිත්රපටයක් ලෙස රසික සිත් දිනාගත් සේන සමරසිංහගේ නිර්මාණයක් වන ‘‘කස්තුරි සුවඳ‘‘ චිත්රපටය ජාතික රූපවාහිනියෙන් මෙම මස 18 වැනි සිකුරාදා රාත්රී 10.00 විකාශය වේ. 16 August 2023
‘‘වත්මන් ජනපති සමග එකමුතුභාවයක් නෑ‘‘ ජන පීඩිත රාජ්ය ත්රස්තවාදය ක්රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 16 August 2023
තහනම් උත්තේජක සමග දෙකක් සැකපිට මෙරට භාවිතය කිරීම සහ අලෙවි තහනම් කර ඇති රුපියල් කෝටි 4 ට අධික වටිනා තහනම් උද්තේජක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු වත්තල ද හා බොරැල්ල කොටා පාරේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්රහාරක ඒකකය කියයි. 16 August 2023
සමගියක මහිම දකුණු අප්රිකාවේ දුෂ්කර පළාතක බැබුන් 50 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් දිවියකුට පහර දෙනු ලබන වීඩියෝවක් සමාජ මාධ්ය හුවමාරු වේ. 16 August 2023
ඉදිරියේදී ලොකු ජල අර්බුදයක් දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය. 16 August 2023
’’වැවිලි කර්මාන්තයේ දියුණුවට නව වැඩපිළිවෙළක් ඕනෑ’’ තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 16 August 2023
ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 16 August 2023
මුදල් අමාත්යංශයේ ගින්න පාලනය කරයි කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්යංශය තුළ අද (16) දහවල් හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසීය. 16 August 2023
වැලි හාරන්න 82කට හොරෙන් බලපත්ර දීලා භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මාදුරුඔයෙහි වැලි කැණීම් කිරීම සඳහා අසූ දෙදෙනකුට නීති විරෝධීව බලපත්ර දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 16 August 2023
විස දමා සතුන් මැරීමේ ජාවාරමක් මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්රදේශ රැසක ක්රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්යක්ෂක උපුල් ඉන්ද්රජිත් මහතා සහ යාල උද්යානය භාර නිළධාරි මනෝජ් විද්යාරත්න මහතා පැවසීය. 16 August 2023
ඕනෑම වාහන අදායම් බලපත්රයක් මධ්යම පළාතෙන් වාහන අදායම් බලපත්ර නිකුත් කිරීම පු`ඵල් කරමින් මධ්යම පළාතෙන් ශ්රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්රියාත්මකකරන බව මධ්යම පළාත් ප්රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය. 16 August 2023
නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති කේන්ද්රස්ථානයක් වෙයි මෙරට සමස්ත විදුලිබල අවශ්යතාවයෙන් සියයට 70 ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තින්යෙන් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නැගෙනහිර පළාත බලශක්ති කේන්ද්රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහක් ක්රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 August 2023
සම්බන්ධීකරණ කමිටු කර අරින රාජ්ය නිලධාරීන්ට වැඩ වරදී ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා ගම්පහ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය. 16 August 2023
‘දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි’ දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 16 August 2023
රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරෙයක් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ. 16 August 2023
ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි 2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 16 August 2023
වෛද්යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමාන තත්වය තුළ වෛද්යවරු දහසක් පමණ විදේශ රටවල්වලට යොමුකළ යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. 16 August 2023
සා.පෙළ උත්තර පත්ර ඇගයීම් ඇරඹේ අපොස සාමාන්ය පෙළ විභාගයේ (2022) උත්තර පත්ර ඇගයීම් පළමු අදියර අනිද්දා (18) ආරම්භ කරන බවත් එම අදියර ලබන 27 වැනිදා අවසන් කිරීමට නියමිත බවත් නියෝජ්ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා පැවසීය. 16 August 2023
යාපනය බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට සිරඳඩුවම් ලබා සිටින බන්ධනාගාර රැදවියකුට ජංගම දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාර නියාමකවරයකු අද(16) උදෑසන සැකපිට අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 16 August 2023
නීති විරෝධිව ගවයින්-එළුවන් ගෙන ගිය තුනක් අල්ලයි බලපත්ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් සැකකරුවන් තිදෙනෙකු සමග, අද (16) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය පවසයි. 16 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026