
(යොහාන් භාසුර)
මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තින්යෙන් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නැගෙනහිර පළාත බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
නැගෙනහිර පළාත ඒ සඳහා සූදානම් කිරීමට සහ නව ඉන්ධන පිරිපහදුවක් සමග නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුමක් ද ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා කීය.
නැගෙනහිර පලාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු, ඒ සදහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ශනය කරගැනීම පිළිබදව සාකච්ඡා කළ බවත් එම ව්‍යාපෘති කඩිනමින් කිරීම සදහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් පත්කිරීමට යෝජනා වූ බවත් අමාත්‍යවරයා කීය.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෝජකයන් ආයෝජනයට යොමුකිර්‍රමටනම් ඔවුනට දෙන දිරිගැන්වීම් තිබේද? දැන් පරිදි පුනර්ජනනීය ව්‍යාපෘති වලට මාස 10 /12 හිග මුදල් ගෙවීම ලංවිම මගින් ප්‍රමාද කර ඇති විටක ආයෝජකයන් තව දුරටත් මේවායේ ආයෝජනය කරාවිදැයි සිතා බලන්න…