මහවැලි බංගලා 27 න් කෝටි 4 ක පාඩුවක් මහවැලි සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා විසි හත 2021 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 August 2023
රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන්තාවක මෙහෙයවන කල්ලියක ජාවාරම්කරුවකු නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රට 15 August 2023
මඩු මංගල්යට ජනපතිත් යයි මන්නාරම බලශක්ති කේන්ද්රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 15 August 2023
වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී වලංගු බලපත්රයක් නොමැතිව ඖෂධ විකිණීම සහ ගබඩා කිරීම , ඖෂධවේදියකුගේ සෘජු අධීක්ෂණයකින් තොරව ඖෂධ මුදලට විකිණීම , වෛද්ය වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කිරීම යන චෝදනා යටතේ මැදවච්චිය පුද්ගලික ෆාමසියක් තාවකාලිකව වසා මුද්රා තැබීමට මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්රාත් වසන්ත සිරි වටගොඩ මහතා මැදවච්චිය සෞඛ්ය වෛද්ය නිලධාරි වෙත නියෝග කළේය. 15 August 2023
’’ශ්රී ලංකන්’’ට ඉන්ධන දෙන්න කොන්ත්රාත්තු දෙකක් දෙයි කටාර් හි දෝහා හමාඩ් ජාත්යන්තර ගුවන්තොටුපළේ දී සහ කුවේට් ජාත්යන්තර ගුවන් තොටුපොළේ දී සීමාසහිත ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්රාත්තුව ප්රදානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 August 2023
ට්රම්ප්ට අධි චෝදනා පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හමුවේ ජෝර්ජියා ප්රාන්තයේ ලද පරාජය වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්රම්ප් කුමන්ත්රණය කිරීම හේතුවෙන් ඔහුට සහ ඔහුගේ සමීපතමයන් 18 දෙනකුට එරෙහිව ජෝර්ජියා ප්රාන්තයේ ෆුල්ටන්හි ජූරි සභාවක් අධි චෝදනා ගොනු කර ඇත. 15 August 2023
මුතුරාජවෙල අයිනෙන් විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය කෙලවරපිටිය ග්රීඩ් උප පොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වෝල්ට් 33ක ද්විත්ව පරිපථ සීබ්රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 August 2023
කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 August 2023
දෙඹරු ඇන අයෙක් මරුට යාපනය නවාලි උතුර මාණිප්පායි ප්රදේශයේදී වියෝවෘද්ද පුද්ගලයෙකුට දෙඹරුන් දෂ්ඨ කිරීමක් හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 15 August 2023
ආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියට ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 August 2023
නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට මෙවර යල කන්නයේ නියඟය නිසා රට පුරා දළ වශයෙන් අක්කර 50000 ක වත් වගා හානි වීම් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්යාංශ ආරංචි මාර්ග පවසයි. 15 August 2023
අගෝස්තු නිවාඩුව දින 10යි රජයේ පාසල් සඳහා දෙවන වාරය පළමුවාරය අගෝස්තු මස 17 අවසන්වන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි. 15 August 2023
කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 1800 කට වැඩි මුදලක් රජය වැය කළද දිළිඳු භාවයේ අඩුවක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා) තොරතුරු අනාවරණයවිය. 15 August 2023
මහවැලියත් පතුලටම හිදෙයි අධික නියගය හේතුවෙන් ප්රධාන ජලාශවල ජල මට්ටම තවත් නරක අතට හැරෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසීය. 15 August 2023
පෑලියගොඩත් අලුත් වෙයි බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 August 2023
ශිෂ්ය නායක හබය වස දීමෙන් නවති නාරම්මල ප්රදේශයේ ප්රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්රතිකාර සඳහා නාරම්මල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි. 15 August 2023
පොලිස් නිලධාරින්ට පහරදුන් සිද්ධියට 7ක් අල්ලයි බෙන්තොට ප්රාදේශිය සභා ක්රීඩාංගණයේ පසුගිය දා සංගීත සංදර්ශනය පැවැති අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර ඔවුනට පහර දී තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. 15 August 2023
කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්රයක් ඉවතට කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්රය ඉවත් කර ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්රමවේදය ලිහිල් කළ බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 August 2023
අයිස් සමඟ ඇල්ලූ පීසී ගෙදර ඔරුගොඩවත්ත විදුලි ආලෝක සංඥා පුවරුව අසල දී අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා එම මත්ද්රව්ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින බවටකොළඹ අධිකරණ වෛද්ය වෛද්යවරයා විසින්පරීක්ෂාකර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 15 August 2023
වෑන්-ලොරි ගැටීමෙන් තුනක් මරුට:5ක් රෝහලට යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක දෙකක ගැටී අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකළ බව මාන්කුලම් පොලිසිය කියයි. 15 August 2023
නව සංචාරක ප්රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පැවසීය. 14 August 2023
වෙල්ලස්සේ සරසවිය අසල කැලේ ගින්නක් ඌව වෙල්ලස්ස සරසවිය අසල හඟුරු රක්ෂිතයේ ඇති වූ ගින්නක් මේ වන විට ඉතා සීඝ්රයෙන් පැතිර යන බව ප්රදේශවාසීහු පවසති. 14 August 2023
පීපල්ස් ලීසිං සමාගමෙන් “හරිත නැණ” වෘත්තීය ශිෂ්යත්ව දැයේ ශ්රම බලකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්යයට උරදීමක් වශයෙන් දෙමුහුන් (Hybrid) මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්රය වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්යත්ව පිරිනමමින් සුදුසුකම් ලත් තරුණ පිරිසකට සාර්ථකව සවිබල ගැන්වීමෙනි. 14 August 2023
කිරට හඬන නිවුන්නු මාස එක හමාරක් වයසැති තම නිවුන් දරුවන්ගේ කුසගින්න නිවන්න කිරි පිටි පැක්ටුවක් ගැනීමට නොහැකිව දැඩි සේ දුකට පත්ව සිටින අඹුසැමි යුවළක් රත්තොට පල්ලේ තැන්නෙන් අපට හමුවිය. 14 August 2023
හමුදා කපිතාන් වෙසින් රට වටේ හිඟමනේ ගිහින් යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු ලෙස බව පවසමින් දිවයිනේ විවිධ නගරවල සිඟමනේ ගිය යුච හමුදාවෙන් පලා ගිය බව කියන කුඩු ජාවරම්කාරයකු දෙණියාය නගරයේ දී සිඟමනේ එකතු කළ සම්මාදම් මුදල්රු 410 ක් සමග අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි. 14 August 2023
හම්බන්තොටට නිර්වින්දන වෛද්යවරයෙක් ලැබේ හම්බන්තොට මහ රෝහලට තාවකාලිකව තංගල්ල මහා රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්යවරයා පත් කිරීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සුරංග ඔබේසේකර මහතා පවසයි. 14 August 2023
නිර්වින්දන වෛද්යවරු නැතිව හම්බන්තොට රෝහලේ සැත්කම් නිර්විද්න විශේෂඥ වෛද්යවරයකු නොමැතිව වුවද හම්බන්තොට මහ රෝහලේ ශළ්යකර්ම 30කට ආසන්න සංඛ්යාවක් අද සිදු කළ බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්ය සුරංග උබේසේකර මහතා පවසයි. 14 August 2023
චැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියි ශ්රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්රතික්ෂේප කර තිබේ. 14 August 2023
ලෝකයෙ ඉහළට ගිය අපේ විද්යාඥයෝ ක්ෂුද්ර ජීවී විද්යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්රේණිගත කිරීමේ 11 වන ස්ථානය සහ 15 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්රී ලංකාවෙන් බිහිවූ මහාචාර්යවරු දෙදෙනකු සමත්ව ඇත. 14 August 2023
රජය අයි නාලිකාව විකුණන්න හඳනවා ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්රසම්පාදන ක්රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 14 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026