නීති විරෝධිව ගවයින්-එළුවන් ගෙන ගිය තුනක් අල්ලයි බලපත්ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් සැකකරුවන් තිදෙනෙකු සමග, අද (16) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය පවසයි. 16 August 2023
විදුලි රැහැනේ පැටලී දෙදරු මව මරුට වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද( 16 ) අලුයම හල්දුම්මුල්ල මාලදොල ප්රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 16 August 2023
දියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක් සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ. 16 August 2023
කුවේටයෙන් පිටුවහල් කළ ශ්රී ලාංකිකයෝ 54ක් ශ්රී ලංකාවට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්යයේ රැදී සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද(16 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 16 August 2023
හිමිනමට පිහි පෙන්වා විහාරස්ථානය කොල්ල කාලා හසලක කඳන්හේන ශ්රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය කියයි. 16 August 2023
ඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවයෙන් ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල මහත් උත්සවශ්රීයෙන් සැමරීය. 16 August 2023
ගෝල් ටයිටන්ස් අවසන් පූර්ව වටයට ලංකා ප්රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 8 කින් කලම්බු ස්ට්රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය 16 August 2023
අයි.එම්.එෆ් කණ්ඩායමක් දුන් ණය ගැන සොයන්න එයි ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්රකාශකයෙක් පැවසුවේය. 16 August 2023
ජීවිතාරක්ෂක සෙබලා දියේ ගිලී මරුට හික්කඩුව වෙරල තිරයේ ජීවිතාරක්ෂක පුහුණුවිම්වල යෙදි සිටි නාවික හමුදා නිලධාරියකු අද සවස දියේ ගිලි මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි. 15 August 2023
‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘ රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය. 15 August 2023
ස:ලේකම්වරියගේ නිවෙසින් කෝටි තුනක බඩු උස්සලා අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්යාංශයේ සහකාර ලේකම්වරියගේ රාජගිරියේ කලපළුවාව ජය මාවතේ දෙමහල් නිවසට රාත්රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 15 August 2023
රාජ්ය උකස් සහ ආයෝජන බැංකුවට නව සභාපතිවරයෙක් රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්රලාභී සුවිශේෂී මූල්ය ආයතනයක් වන රාජ්ය උකස් සහ ආයෝජන බැංකුවේ (SMIB) නව සභාපති ධුරය සඳහා ජෝශප් සූසයිතාසන් මහතා පත්වී ඇත. 15 August 2023
මඟ නැගුම සමාගමට වාරණයක් ’’මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්රෝපකරණ සමාගම’’ අධිකරණ ක්රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටි ආරච්චි මහතා අතුරු නියෝගයක් නිකුත් කළේය. 15 August 2023
චීන ඉන්ධන ගාන අඩුවෙන් ‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. 15 August 2023
දකුණේ තැන් දෙකක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට මාතර සහ හම්බන්තොට දිස්ත්රික්කවල ස්ථාන දෙකක අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි 15 August 2023
සත්වෝද්යානගේ ගස ප්රධාන ආරක්ෂකයා මරයි දෙහිවල සත්වෝද්යානරයේ තිබූ විශාල ගසක් අද (15) පස්වරුවේදී මුලින් උදුරා වැටීමත් දෙහිවල සත්ව විද්යානයේ ප්රධාන ආරක්ෂකයා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 August 2023
දුමින්ද නාගමුවට එරෙහිව ටිරාන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කරන ලද ප්රකාශයක සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්යා ටිරාන් අලස් මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 15 August 2023
සුබසාධන ප්රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයෙක් සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්රී ලංකා පරිපාලන විශේෂ ශ්රේණියේ විශ්රාමික නිලධාරියකු වන ජයන්ත විජේරත්න මහතා පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ. 15 August 2023
නව ජනාධිපති නීතීඥවරු තිදෙනෙක් නව ජනාධිපති නීතීඥවරුන් තිදෙනකු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 15 August 2023
කිව්.ආර්. කේතය ලබන මස අවසන්? ජාතික ඉන්ධන බලපත්රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 15 August 2023
සමනළ වැව ජලාශයෙන් විදුලි නිෂ්පාදනය අත්හිටුවයි නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි නිෂ්පාදනයට ප්රමාණවත් නොවන බැවින් එහි විදුලි ජනනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. 15 August 2023
සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති අස්වෙයි සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය දැරූ බී. විජයරත්න මහතා ඉල්ලා අස්වී තිබේ. 15 August 2023
අනුරාධපුර-මිහින්තලය දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණට අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා වන දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කර දුම්රිය ධාවනය කිරීමේ යෝජනාව ලබන පෝය දිනයේ සිට ක්රියාත්මක කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 15 August 2023
යුරෝපයටත් වඩා රස මිදි ලංකාවේ වවයි යුරෝපයේ වැවෙන මිදි උව පරණගම ඇත්කඳවක ගමේ සාර්ථකව වගා කර තිබේ. 15 August 2023
හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසියි හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 15 August 2023
වැලිවේරියේ වෙඩික්කරු අත්අඩංගුවට වැලිවේරියට නුදුරු ප්රදේශයකදී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 15 August 2023
වික්ටොරියාව හිඳේ:තෙල්දෙණිය මතුවේ අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළට පැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි. 15 August 2023
නියඟයෙන් ගවයෝත් හාන්සියි අධික වියළි කාලගුණය සහ ඉඩෝය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපය කිරි ගවයන් 50,000 කට ආසන්න ප්රමාණයකට තණකොළ නොමැති වීමෙන්, ගැටළු රැසකට මුහුණ පා සිටිති. 15 August 2023
තිදරු පියා අනවසර විදුලි රැහැනට බිලි දිගන්නෑව ,හුදලියාව ප්රදේශයේ අන්සතු කොමඩු ගොවිපලකට ඇතුලු පුද්ගලයෙකු ,එහි ඇද තිබූ අනවසර විදුලිය රැහැනක පැටලී අද(15 ) පස්වරුවේ මියගොස් ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි . 15 August 2023
ගොන්ගල රේඩාර් පද්ධතියෙන් කෝටි 8ක පාඩුවක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ගොන්ගල ප්රදේශයේ රේඩාර් පද්ධතියක් ඉදිකිරීමේදී රජයට රුපියල් කෝටි 8කට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 15 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026