
(මනෝප්‍රිය ගුණසේකර)
"මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම" අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා අතුරු නියෝගයක් නිකුත් කළේය.
මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමට තවකාලික ඈවරකරුවකු පත්කිරීමට නියම කළ විනිසුරුවරයා ගණන් බේරා වසා දමන තෙක් එම ඈවරකරු මගින් අදාල සමාගමේ ගිනුම පරික්ෂා කිරීමට වැඩිදුරටත් නියම කළේය .
කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අවසන් කිරීමට යෝජිත "මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම" අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීමට කටයුතු කරන බව පවසමින් මග නැගුමට සේවා සැපයු පුද්ගලික සමාගමක් පැවරු පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
මඟ නැගුම ගණන් බේරා වසා දැමීමේ නඩුකරයට එරෙහිව ටූ.කෙ.කන්ට්‍රක්සන්ස් පුද්ගලික සමාගම මැදිහත් පෙස්සම්කරුවකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟ නැගුම සමාගමට වාරණයක්