IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමනළ වැව ජලාශයෙන් විදුලි නිෂ්පාදනය අත්හිටුවයි

(යොහාන් භාසුර)

නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි ජනනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය.  

මෙම තත්වය හේතුවෙන් සමනළ වැව ජලාශයෙන් ජාතික විදුලි පද්ධතියට එකතු වන මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණය අහිමිවන අතර ඒ අනුව පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 100 ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිතය.

එම අහිමිවන විදුලි ප්‍රමාණය සපුරාගැනීමට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති පෞද්ගලික විදුලි බලාගාර හතරට විදුලි මිලදී ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඇඹිලිපිටිය සහ මාතර පිහිටි දැවිතෙල් බලාගාර දෙකෙන් විදුලිය සැපයීමට ඉදිරිපත් වී ඇති බවත් එම බලාගාරවලට දැවිතෙල් ඛනිජ තෙල් සංස්ථාව හරහා දී සේවකයන් ලබාගෙන විදුලිය ජනනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩල සතු සියලුම විදුලිබලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කර පෞද්ගලික මිලදී ගැනීම්වලින් තොරව විදුලිය සැපයීමට උත්සහ කළ ද පවතින තත්වය අනුව පෞද්ගලික මිලදී ගැනීම්වලට යෑමට සිදුවූ බවත් නියඟයේ බලපෑම හෝ වෙනත් හේතූන් මත විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා කීය.

මෙම වසරේ ජල විදුලියෙන් ගිගාවොට් 4,200 ත් 4,500 ත් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසුව ද වර්තමාන නියන් තත්වයත් සමඟ මෙම වසරේ ජල විදුලියෙන් ජනනය කළ හැක්කේ ගිගාවොට් 3,800 ත් 4,000 ත් අතර ප්‍රමාණයක් බව කී අමාත්‍යවරයා ඔක්තෝබර් මස වර්ෂාව ලැබෙන තෙක් ජල විදුලියෙන් විශාල විදුලියක් බලාපොරොත්තු විය නොහැකි බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩල සතු විදුලි බලාගාරවල විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැය වන පිරිවැයට වඩා අඩු මුදලකට පෞද්ගලික බලාගාර විදුලිය සැපයීමට සූදානම් බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එහිදී විදුලි ඒකකයක් රුපියල් 52 ත් 58 ත් අතර මිලට ලැබෙන බවත්ය.

මෙම වසරේ මාර්තු මාසයේ ද පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ලැබුණ ද විදුලිබල මණ්ඩලය සතු බලාගාර කළමනාකරණය කරමින් එම මිලදී ගැනීම නොකළ බවත්  මේ අවස්ථාව වන විට කිසිඳු විදුලි කප්පාදුවක් සැළසුම් කර නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය. 



අදහස් (0)

සමනළ වැව ජලාශයෙන් විදුලි නිෂ්පාදනය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site