IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුමින්ද නාගමුවට එරෙහිව ටිරාන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

(ඉන්දිකා  රාමනායක)

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශයක සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යා ටිරාන් අලස් මහතා  අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නාගමුව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ  දූපතක මුදල් ආයෝජනය කර ඇති  බව පසුගිය 12 දින ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රකාශයක් සම්බන්ධයෙන්  විමර්ශන සිදුකරන ලෙසට  ඉල්ලා  අමාත්‍යවරයා  මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන අමාත්‍යවරයා සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව අමාත්‍යවරයා වැඩිදුරටත්   දැනුම් දී ඇත.



අදහස් (3)

දුමින්ද නාගමුවට එරෙහිව ටිරාන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

Rata Perata Tuesday, 15 August 2023 08:54 PM

කවුරු හරි පැමිණිල්ලක් දාන්න රාජපක්ෂලා එල්.ටී.ටී.ඊ එකට සල්ලි දුන්නා කියලා ටිරාන් අලස් කිවුවනේ .දැන් තමයි හොඳම කාලය ඕක සී.අයි.ඩී එකට දෙන්න

:       0       14

Perera Wednesday, 16 August 2023 12:13 AM

තරාතිරම නොබලා.අපි නොදන්නා සී.අයි.ඩී ය

:       0       9

Ravi Wednesday, 16 August 2023 10:54 AM

ටිරාන් කෙසේ වෙතත් මේ දුමින්ද නම් අපේ අවුරුදු තුනෙන් ඉවර වන උපාධිය අවුරුදු 6 ක් ඇද ගෙන යන්න ඉඩ සැලැස්සුවා.දැන් එයාට කන්න අදින්න දෙන්න ජන සමාගමක් ඉන්නවා. අපි වයස්ගත වෙලා රස්සා සොයනකොට පෙරහර ගිහිල්ලා.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site