(අංජුල මහික වීරරත්න)
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැඩි අවධානයකින් පසුවන බවද අමාත්‍යවරයා කීය.
සම්බන්ධීකරණ කමිටු සදහා රාජ්‍ය නිලධාරීන් නොපැමිණි විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ,ගම්පහ දිස්ත්‍රික් ලේකම් පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්කාරයෙක්, මැරයෙක් ඉන්න තැනකට ඇවිල්ලා, එයාගේ කයිවාරු පුරාජේරු අහගෙන ඉන්න අකැමැති රාජ්‍ය නිලධාරින් ඔය කමකට නැති රැස්වීමට එන්නේ නැතිව ඇති...
ඔය මාත්‍යලා අඩු ගානේ වෙලාවට එනවාද ඕවාට? මාත්‍ය දැනුමින් සන්නද්ධ නම් නිලධාරින් අහවල් එකටද?