(අංජුල මහික වීරරත්න)

දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

විසබීජ ගොඩක් දේශපාලන ධාරාවේ  තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ විසබීජ ජන සමාජයේ යහ පැවැත්මට හානිකර බව කීය. ජාතිවාදය සහ ආගම්වාදය යනු ප්‍රබල  විසබීජයක් බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.