
(යොහාන් භාසුර)
වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පු`ඵල් කරමින් මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මකකරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ අනුව මධ්‍යම පළාතට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙනත් පළාතක ලිපිනයකට ලියාපදිංචි වී ඇති වාහනයක ආදායම් බලපත්‍රයක් ද ලබාගත හැකිය.
සමස්ත ලංකාවේම ආදායම් බලපත්‍ර මෙම නව පරිගණක යෙදවුම හරහා මධ්‍යම පළාතට සම්බන්ධ කිරීමට නියමිතය.
වර්තමානයේ වාහනය ලියාපදිංචි වී ඇති පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණක් ආදායම් බලපත්‍රය ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd