හඳේ වයසට ගැන ඉඟියක් හඳේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේදී විද්යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ. 29 October 2023
දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්රීඩා කරනවා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (30) පැවැත්වෙන තරගයට ක්රීඩා කරන බව ශ්රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 October 2023
පොලිස් අණ නොතැකූ ත්රිරෝදයට වෙඩි- දෙකක් පැණ යති පොලිස් අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට පොලිසිය වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි වැදුණු ත්රිරෝද රථයෙන් සිටි දෙදෙනකු පළා ගොස් ඇතැයි බියගම පොලිසිය කියයි. 29 October 2023
පලස්තීනුවෝ යූ.එන් ගඩබාවලට පැන ආහාර සොරා ගනිති දහස් සංඛ්යාත පලස්තීන ජනතාව දකුණු සහ මධ්යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්යස්ථාන වෙත පැන තිරිඟු පිටි සහ ජීවත් වීමට අවශ්ය අනෙකුත් භාණ්ඩ සොරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කර ඇත. 29 October 2023
මව් කිරිවලත් ප්ලාස්ටික් ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇතැයි රුහුණු විශ්ව විද්යාලයේ රසායන විද්යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතා පැවසිය. 29 October 2023
නගර සභාවේ ලක්ෂ 51ක් පවුලේ මගුලකට අරන් මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා එම මුදල් යොදාගත් බව කියන සරප් අංශයේ ප්රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ . 29 October 2023
වගා ළිඳට වැටුණු අලි අම්මලා දෙන්නයි පැටවු දෙන්නයි රිටිගල අනාරක්ෂීත වගා ළීදකට වැටී සිටි වන අලින් සිව් දෙනකු ආරක්ෂීතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු අද(29) මෙහෙයුමක් දියත් කලහ. 29 October 2023
කාපට් ලොරිය අඩි සියයක් පල්ලෙහාට වැටේ බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්රපාතයකින් පහළ තේ වත්තකට පෙරලීයාමෙන් එහි රියදුරු රිය සහයක කිසිදු තුවාලයක් නොලබා ලොරියෙන් ඉවතට පැන බේරි ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 29 October 2023
ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්යාපාරික ඉලොන් මස්ක් පවසයි. 29 October 2023
ප්රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස් තම ප්රාණඇපයේ සිටින ඊශ්රායල වැසියන් බේරා ගැනීමට අවශ්ය නම්, ඊශ්රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්රායලයට දන්වා ඇත. 29 October 2023
කේරළයේ බෝම්බ පිපිරේ ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්යස්ථානයක, ක්රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීමක් සිදුවිය. 29 October 2023
යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, එල්ල කළ ප්රහාරය සම්බන්ධයෙන් තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 29 October 2023
බීලා වාහන පැදවූ හිටපු නියෝජ්ය පොලිස්පති රිමාන්ඩ් බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා අද (29) දින නියෝග කළේය. 29 October 2023
අලුත් ඇමැති වැඩ පටන් ගන්න කලින් සෞඛ්ය ලොක්කා පිරිසක් සමග රට ගිහින් නව සෞඛ්ය අමාත්යවරයා දිවුරුම්දී සතියක් යන්නට මත්තෙන් රාජකාරි වැඩ සඳහා සෞඛ්ය අධ්යක්ෂක ජනරාල්වරයා ඔහුට හිතවත් වෛද්ය පරිපාලක නිලධාරී කණ්ඩායමක් සමඟ විදේශ සංචාරයකට ගොස් ඇති බවත් එය සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණ මහතාට කළ අපහාසයකට සමාන බවත් ආරංචි මාර්ග ප්රකාශ කළේය. 29 October 2023
විකිණු වාහනයට ලෝබ සිතී යළි උස්සලා විකිණූ වාහනයට ලෝබ සිතී අලෙවියෙන් මාස දෙකකට පසුව හොර රහසේ පැමිණ රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා වෑන් රථයක් සොරාගෙන පලාගිය එහි මුල් හිමිකරු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි . 29 October 2023
අපේ සංස්කෘතිකාංග ඉතාලියේදී කලඑළිට මිලානෝ ශ්රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද ශ්රී ලංකා සංස්කෘතික උළෙල ඊයේ ( 28 ) දින අති උත්කර්ෂවත් අන්දමින් මිලානෝ Piazza Del Cannone හි දී පැවැත්විය. 29 October 2023
ඇමෙරිකානුවන් 22ක් ඝාතනය කළ රොබර්ට් කාඩ් මරුට ඇමෙරිකා එක්සත් ජනපද මේන් ප්රාන්තයේ පුද්ගලයන් 22 දෙදෙනෙකු ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 13කට පමණ තුවාල සිදුකළ යැයි චෝදනා ලැබ සිටි රොබර්ට් කාඩ් නැමැති සැකකරුගේ මළ සිරුර සොයා ගත් බව ප්රාන්ත බලධාරීන් තහවුරු කළේය. 29 October 2023
මංගල සාදයේදී මස් කෑ තරුණිය මරුට මංගල සාදයකට එක්වි සිටි තරුණියක් මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 29 October 2023
කෝටියක වල්නාශක කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවෙ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටියකට ආසන්න වල් නාශක හා කෘමිනාශක තොගයක් මැරින් හා විශේෂ යාත්රා බළඝණයට අයත් නාවිකයින්අද (29 ) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි කල්පිටිය කිඹුල් බෝක්ක මුහුදු සිමාවේදි අත් අඩංගුවට ගත් බව කියයි. 29 October 2023
ජනක රත්නායකගෙන් කප්පම්ගත් තිදෙනෙක් අල්ලයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 29 October 2023
ලහිරු කුමාරට ලෝක කුසලාන ඉතිරි තරග අහිමිවෙයි ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්රී ලංකා පිලේ ප්රධානතම වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. 29 October 2023
හපුතලේ වත්තේ නාය යාමක් පවතින අධික වර්ෂාවත් සමඟ හපුතලේ ,හපුතලේ වත්තේ නාය යාමක් සිදුවූ බව හපුතලේ පරිපාලන ග්රාම නිලධාරී ජගත් ලියනගේ මහතා පැවසීය. 29 October 2023
මාරුව බාර නොගත් කා. අ .අධ්යක්ෂවරු හතරක් ගෙදර සේවා අවශ්ය තාවයන් මත ස්ථාන මාර කරනු ලැබුවද එම ස්ථාන මාරැවිම් නොසලකා එම ස්ථානයේම රාජකාරියේ නිරතව සිටි උතුරු මැද කලාප අධ්යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබේ.් 29 October 2023
රිය අනතුරක් කළ හිටපු පොලිස් ලොක්කා අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්රාමික ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයකු බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 29 October 2023
යතුරුපැදි අනතුරින් පුතා මරුට මව රෝහලට සිටි මවක සහ පුතෙකු ගමන් ගත් යතුරු පැදියක් කැළණිමුල්ල අත කපාපු හන්දිය ආසන්නයේ යකඩ පාලම මතදී අනතුරට ලක්වීමෙන් පුතු මිය ගොස් මව තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. 29 October 2023
ගැටුම පාලනයට ගිය පොලීසියට ගම්මු ගහලා කැබිතිගොල්ලෑව කුරුලුගම ප්රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතයි පොලීසිය කියයි. 29 October 2023
ඊජිප්තුවේ රිය අනතුරකින් 35ක් මරුට ඊජිප්තුවේ අධිවේගී මාර්ගයක පසුගියදා සිදුවූ දරුණු රිය අනතුරකින් 35 දෙනෙකු මියගොස් තවත් 53 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්රකාශ කළේය. 29 October 2023
පොරොවකින් පහරදී අයෙක් මරලා පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ඇතිවූ ආරවුලකින් පොරවකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 29 October 2023
බදුල්ල -කොළඹ පාර විවෘත කරයි ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව හපුතලේ පොලීසිය කියයි. 29 October 2023
අහුන්ගල්ල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අල්ලයි අහුන්ගල්ල ගල්හේන ප්රදේශයේදී යතුරු පැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි. 29 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026