(විමුක්ති එස් රුද්‍රිගු)

දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත පැන තිරිඟු පිටි සහ ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ සොරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

සිවිල් සාමය බිඳ වැටීමට පටන් ගෙන ඇති බවට සලකුණක් බවත් ඊශ්‍රායල හමුදාවන්ගේ දැඩි ප්‍රහාර හමුවේ පලස්තීනුවන් බියෙන්, කලකිරීමෙන් සහ මංමුලා සහගතව පසුවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

උතුරු ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන් විශාල වශයෙන් දකුණු ගාසා තිරයට පැමිණෙන බවත් ඒ හේතුවෙන් දකුණු ගාසා තීරයේ පොදු සේවා බිඳ වැටී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.