පර් සි ක්රිකට් පිටියට සදහටම සමුදෙයි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පර් සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ. 30 October 2023
පීලි පැන්න දුම්රිය යථා තත්ත්වයට උඩරට මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල් ඔය අතර අද පීලි පැනීමට ලක්වූ දුම්රිය පස්වරු 4.00 ට පමණ පීලි ගතකර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 30 October 2023
ඇෆ්ගනිස්තානයට 242 ක ඉලක්කයක් ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා පිල ඕවර 49.3 කදී ලකුණු 241 කට සීමා විය. 30 October 2023
අස්වැසුම ප්රතිලාභ ගෙවීම 1වැනිදා අරඹයි අගෝස්තු මාසය සඳහා අස්වැසුම ගෙවීම් හෙට (1) සිට අරඹන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 30 October 2023
වැඩි මිලට සහල් වික්කොත් මේ අංකයට කියන්න සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි. 30 October 2023
නියාගම ප්රා.ස.හිටපු සභාපති අත්අඩංගුවට නියාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30)අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 30 October 2023
හිටපු පොලිස් ලොක්කාගේ ඇප ඉල්ලීම ඉවතට බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතාට ඇප ඉල්ලා මෝසමක් මගින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් අද (30) ප්රතික්ෂේප කරන ලදී. 30 October 2023
ඇෆ්ගනිස්තානය පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 30 October 2023
රාජ්ය සේවකයෝ පාරට බසිති රාජ්ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දිප ව්යාප්තව උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. 30 October 2023
උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා හිල්ඔය අතර ප්රදේශයේදී දුම්රියක් අද (30 ) පිලී පැනීමටකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 30 October 2023
ළමා නිවාසයක දැරියන් 5 ක් පැන ගිහින් මීටියාගොඩ ප්රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි. 30 October 2023
මැතිවරණයේ එක් කෝටි ගාණක බඩු පුස් කන්න ඉඩ හැරලා මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පැත්තකට දමා විනාශ වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 October 2023
’මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා ‘ රටපුරා අපරාධ ක්රියාකාරකම් ඉදිරි මාස 6 තුළ සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 30 October 2023
පෙට්රල් දමා යාචකයාට ගිනි තියලා හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 30 October 2023
අලුතින් ’’මිඩ්වයිෆ්’’ ලා 1500ක් පවුල් සෞඛ්ය සේවිකාවන් 1,500ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය 30 October 2023
ත්රස්තවාදයට කිසිම සමාවක් නෑ ඉන්දියාව ද ත්රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්රහය දැක්වීමක් හෝ නොකරන බව එරට විදේශ අමාත්ය එස්. ජයිශංකර් අවධාරණය කරයි. 30 October 2023
මැතිසබා අනංග සිද්ධියේ දෙකකට චෝදනාපත් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා චෝදනා පත්ර පසුගිය (27) සිකුරාදා බාර දුන්නේය. 30 October 2023
’’ශ්රී ලංකාව අවසන් පූර්ව වටය අමතක කළ යුතුයි’’ ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යන කරුණ අමතක කර අපේ මාදිලියේ ක්රිකට් ක්රීඩා කළ යුතු බවත් අවසන් පූර්ව වටය සිතේ තබාගෙන පීඩනය ආරෝපණය කර නොගත යුතු බවත් ශ්රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පූනේහිදී පැවසීය. 30 October 2023
බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට බංග්ලාදේශයේ ප්රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බංග්ලාදේශ අග්රාමාත්ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න විය. 30 October 2023
දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක් දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 30 October 2023
පෙරැලුණ බෝට්ටුවේ සිටි ධීවරයාගේ සිරුර වෙරළට ගොඩ ගහයි තොඩුවාව ප්රදේශයෙන් මුහුදුු ගිය බෝට්ටුවක් පෙරලී මුහුදට වැටුණ ධීවරයින් දෙදෙනාගෙන් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අඹකදවිල ප්රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත. 30 October 2023
අනතුරක් කර සැමියා මැරූ බිරිය අත්අඩංගුවට මාවනැල්ල යාලයපොල පාර ප්රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි. 30 October 2023
ලොරියක් පෙරළී 12ක් රෝහලට තෙල්දෙණිය මොරගහමුල - ගල්මල් ඔය වංගුව ආසන්නයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් සිදුවූ වූ අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 12 දෙනකු තුවාල ලැබූ බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය පවසයි. 30 October 2023
සවස වැස්ස අඩු වෙන පාටක් නෑ දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 30 October 2023
පන්දම් විරෝධය බුලත්සිංහලටත් වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් බුලත්සිංහල නගර මධ්යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ. 30 October 2023
ළාබාල අක්කාගේ, නංගිගේ නිරුවත් ඡායා ගෙන්වා ගත් යුද සෙබළා මාට්ටු මුහුණු පොතෙන් හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක හා ප්රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වා වැඩිමහල් සොයුරියගෙන් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 October 2023
ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී, නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි. 30 October 2023
සල්ලිකාරයන්ට දේපළ බද්දක් ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 30 October 2023
ව්යවස්ථා සභා ලේකම්ගේ දීමනාවට කැබිනට්ටුවෙන් බරබරයක් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරුණු පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාට රුපියල් ලක්ෂ පහක පමණ දීමනාවක් ගෙවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් කැබිනට් මණ්ඩලය ප්රතික්ෂේප කර ඇතැයි මුදල් අමාත්යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 30 October 2023
පාතාල කෙරුමාගේ දියණියගේ මල්වර උත්සවය මහ ඉහළින් ප්රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි ව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමීණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ තරු හතේ හෝටලයේ දී මහත් උත්කර්ශවත් අයුරුන් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 29 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026