අද කාලගුණය දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 29 October 2023
ඩලස්ට වගකීමක් ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. 28 October 2023
හිතුවක්කාරී වැඩ නිසා පොහොට්ටුවේ ජ්යෙෂ්ඨයෝ කිපෙති ශ්රී ලංකා පොදුජන පෙරමුණ අමාත්ය ධූර සඳහා යෝජනා කළ ජ්යෙෂ්ඨ මන්ත්රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 28 October 2023
කෝටි 1000ක් වංචා කළ විශ්රාමික යුද හමුදා සැරයන්වරු රිමාන්ඩ් ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්ය වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්රඩක්ෂන් මූල්ය ආයතනයේ හිමිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය. 28 October 2023
මගීන් සමග බසය මඟ නවතා රියැදුරා කුඩු ගහන්න ගිහින් පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමග දෙල්ගොඩ ප්රදේශයේ නවතා එහි රියදුරා මත් ද්රව්ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්යන්තර පරීක්ෂණයක්ද සිදු කරන බව මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්රික් (2) කාර්යාලය සදහන් කරයි. 28 October 2023
ඕස්ට්රේලියාව සිව්වැනි ජය ලබයි ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස ධරම්ශාලාහිදී අද (28) පැවැති තරගයේදී ඕස්ට්රේලියානු ක්රීඩකයෝ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 28 October 2023
බදුල්ල - කොළඹ මාර්ගයට අදත් පස් කන්දක් වැටේ ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බෙරගල ප්රදේශයට ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටීමෙන් ගමනා ගමනය එක් මංතීරුවකට සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියයි. 28 October 2023
මාකදුරේ මධූෂ් මෙහෙය වූ කුලි ඝාතකයා අල්ලයි පුද්ගල ඝාතන 19 ක් සිදු කළ බව කියන පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 28 October 2023
අනුලාගේ සිරුර දිවයිනට ඊශ්රායල - හමාස් යුද ගැටුමේ දී මිය ගිය ශ්රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත අද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය. 28 October 2023
මීරිගම සහ අලව්ව අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ මීරිගම සහ අලව්ව දුම්රිය ස්ථාන අතර ප්රදේශයට අද පස්වරු 2.35 ට පමණ ගසක් කඩා වැඩීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 28 October 2023
බසය ඉස්සුවැයි සිත් වේදනාවෙන් සිටි දෙදරුපියාගේ සරුර කැලණි ගඟෙන් හමු වේ බස් රථයේ හිඟ වාරික මුදල් නොගෙවීම නිසා මූල්ය සමාගමක් බස් රථය අත්පත් කර ගත්තැයි සිත් වේදනාවෙන් සිටි ව්යාපාරිකයාගේ සිරුර කැලණි ගඟේ කොටුවිල හන්දියේ පිහිටි කළුපාලම අසල පාවෙමින් තිබියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත. 28 October 2023
අර්ධ චන්ද්රග්රහනයක් අද මේ වසරේ අවසන් අර්ධ චන්ද්ර ග්රහණය දැක බලා ගැනීමට ශ්රී ලාංකිකයන්ට අවස්ථාව උදා වී ඇතැයි කොළඹ විශ්ව විද්යාලයේ තාරක විද්ය හා අභ්යවකාශ විද්යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 28 October 2023
වරාය නගරයට තවත් ගැසට්ටුවක් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම සඳහා සපුරාලිය යුතු අවශ්යතා ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 28 October 2023
බජට්ටුවට කලින් කැබිනට්ටුවේ වෙනසක් කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 28 October 2023
යතුරු පැදි අනතුරින් තරුණයා මරුට බොරැල්ල - ගොඩගම මාර්ගයේ පනාගොඩ මාර්ගය අසල නවතා තිබූ බහාලුම් රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් අද (29) අළුයම සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් තරුණයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 28 October 2023
ඩුබයි පාතාලයෙක්ගෙන් පොලිස් කොස්තාපල්ට මරණ තර්ජන පාතාල ක්රියාකාරකම් මැඩලීමේ සහ මත්ද්රව්ය වැටලීම්වල නිරතව සිටින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ දරුවා මරා දමන බවට ඩුබායි රටට පැන් පළා ගොස් සිටින දාගොන්නේ කිරියා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු විසින්එම කොස්තාපල් වරයාට මරණීය තර්ජනය කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 28 October 2023
ජෙලට්නයිට් සමග අයෙක් මාට්ටු ජෙලට්නයිට් පුපුරන ද්රව්ය කූරු 318ක් සමග පුද්ගලයකු මන්නාරමේ ෙ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 28 October 2023
වීරගුල පොලිසිය ඒ අවට ඡායාරූප ගත් අයෙක් මාට්ටු වීරගුල පොලිස් වසමේ යොදවා ඇති මාර්ග බාධක ,නිලධාරීන් සතු අවි ආයුධ සහ තිහාරිය නගරයේ පිහිටි වැදගත් ස්ථාන වලරූප රාමු සහිත ජංගම දුරකථනයක් සමග පුද්ගලයකු නිට්ටඹුව මුලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත 28 October 2023
බදු දැලෙන් පනින අය කොටු කරන රැකවලෙක් දෙසැම්බරයේ එයි බදු දැලෙන් රිංගා යන ව්යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්යුත් ක්රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 28 October 2023
බස්නාහිරට සහ සබරගමුවට අද තද වැසි සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 28 October 2023
දකුණු අප්රිකාව පළමු තැනට එයි ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගය ලෙස චෙන්නායිහිදී පැවැති තරගයේදී දකුණු අප්රිකානු ක්රීඩකයෝ කඩුල්ලකින් පාකිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 28 October 2023
කෝටි 9,900 වංචා කළැයි මූල්ය අධ්යක්ෂ අත්අඩංගුවට ශ්රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්ය ආයතනයේ අධ්යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්ය හා වාණිජ අපරාධ කොට්ඨාෂය කියයි . 28 October 2023
දිසා පහක කොට්ඨාස 46කට නාය අනතුරු දිවයිනේ බොහෝ ප්රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 46 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති අතර එයින් දිස්ත්රික්ක තුනක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට දෙවැනි මට්ටමේ නිවේදන නිකුත් කරනු ලැබ තිබේ. 27 October 2023
පන්දම් විරෝධය අද වාරියපොළ වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් අද (27) රාත්රියේ වාරියපොල නගර මධ්යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ. 27 October 2023
13 පිරිමි ළමයෙකු කෙළෙසූ ශ්රමණ වෙස් ගත් දෙකක් අත්අඩංගුවට අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි. 27 October 2023
දනේෂ් අලි දුම්රිය ආරක්ෂක හමුදා භාරයට පසුගිය අරගල සමයේ ඊට දායකත්වය නායකත්වය දුන් බව කියන ප්රබල සමාජ ක්රියාකාරිකයකු වන දනේෂ් අලි නැමැත්තා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) දහවල් කාලයේ දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇත. 27 October 2023
වෛද්ය සිසුන්ගේ පා ගමනට පොලිසියෙන් ජල-කදුළු ගෑස් ප්රහාර ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරි කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ 07 ග්රීන්පාත් හිදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්රහාර එල්ල කර අද (27) පස්වරුවේ විසිරුවා හැරියහ. 27 October 2023
බම්බලපිටිය දුම්රිය ස්ථානයට නව මගී ගුවන් පාලමක් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ නව මගී ගුවන් පාලම අද (27) පෙරවරුවේ විවෘත කළේය. 27 October 2023
ළමා අපචාරවලට එරෙහිව තදින් නීතිය ක්රියාත්මක කරන්න ළමා අපචාරවලට එරෙහිව උපරිම නීතිය ක්රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 27 October 2023
රටේ ඉඩම්වලින් සියයට 1ක් කර්මාන්තවලට වෙන් කරයි ශ්රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 27 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026