(සමන් පාලිත නානායක්කාර)

ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල ප්‍රදේශයට ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටීමෙන්   ගමනා ගමනය  එක් මංතීරුවකට  සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

එක්වරම මාර්ගය මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර කුඩා වාහන පමණක් යා හැකි වන පරිදි මඟ යන එන්නන්  සකස් කර ගත් බවද රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පැවසූහ.

මාර්ගය පිළිසකර කරන තෙක් ලොකු වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම පස් කඳු සමඟ ගල් පර්වත නාය ගොස් තිබේ.