
(ටී.කේ.ජී.කපිල)
ඊශ්‍රායල - හමාස් යුද ගැටුමේ දී මිය ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත අද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය.
49 හැවිරිදි අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රායලයේ එකම නිවසක දස වසරකට ආසන්න කාළයක් සාත්තු සේවිකාවක ලෙස සේවය කර තිබේ .
මෙම මෘත දේහය භාර ගැනීම සදහා අනුලා ජයතිලක මහත්මියගේ ස්වාමිපුරුෂයා , දුව ,පුතා සහ තවත් ඥාතීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා , ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල් ජනරාල් දිනේෂ් රිද්‍රිගු මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd