(යොහාන් භාසුර )

මීරිගම සහ අලව්ව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයට අද පස්වරු 2.35 ට පමණ ගසක් කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ගස කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ , දුම්රිය මාර්ග දෙකම මේ වන විට අවහිරව ඇති අතර ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රියන් මීරිගම දුම්රිය ස්ථානයේ ද, නුවර ,බදුල්ල ,අනුරාධපුර වැනි ප්‍රදේශවල සිට කොළඹ බලා ධාවනය වන දුම්රියයන් පොල්ගවෙල දුම්රිය ස්ථානයේ ද, නවතා තැබීමට සිදුව ඇති බව සිදුව ඇති බව එම නිලධාරියා අලව්ව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය අවහිරව ඇති මාර්ග දෙකෙන් එක් මාර්ගයක් ධාවනය සඳහා හැකි පරිදි අවහිරය ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.