(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )


රටපුරා අපරාධ ක්‍රියාකාරකම් ඉදිරි මාස 6 තුළ සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් රැසක්  මෙරට  අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ තෙන්නකෝන් මහතා  විවිධ අපරාධවලට සම්බන්ධ  අපරාධකරුවන් කිහිප දෙනකු පසුගිය දිනවල අත්අඩංගුවට ගත් බවද   සඳහන් කළේය

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

දකුණු පළාතේ අපරාධ සිද්ධි ගණනාවක් පසුගිය දිනවල සිද්ධවූ බවත් මේ සියල්ල මෙහෙයවා ඇත්තේ විදේශ ගතව සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත්  ඔහු කීවේය.