(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි.
ඉකුත් (27) ඉහත පුද්ගලයා මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දී මියගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා එක්ව සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සනීපෙට නම් සැප භුක්ති විඳියි දෙන්නාම...!
දැන් යම් විදියකින් ඔය දෙන්නා නිදහස් වුනොත් මියගිය අයගේ දේපළ වැන්දඹු බිරිදට හිමිවෙනවා නේද එහෙම වුනොත් ඔය වගේ වැඩ කරන්න දුරදිග කල්පනා නොකරන ගෑනු මිනිස්සු කටයුතු කරාවි ඒක පූර්වාදර්ශයක් නොවෙන ආකාරයට නීතියක් හදනවා නම් සේවයක් වේවි