(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මිය ගිය යාචකයා එම රසායනාගාරය ඉදිරිපිට නිදා සිටින අවස්ථා වලදී පැමිණ ඇති සැකකරැ " උඹ නාන්නේ නෑ නේද ? නෑවේ නැත්නම් ගිනි තියනවා " මෙයට පෙර පවසා ඇති බවත් ඒ අනුව ඊයේ(29) රාත්‍රි කාළයේදී ඒ ආකාරයෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවත් කියයි.
එම අවස්ථාවේදී ම අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන මියගොස් ඇති බවත් පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි එම ඝාතනය සිදුකල බවට සැකපිට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහෙක් මැරීම කෙසේවත් අනුමත කරන්න බැහැ ඒවාට සැකකරු ආත්ම ගණනක් ඔය විදියට දඩුවම් ලබාවි ඒක වෙනම දෙයක් ඒත් ඔය යාචකයො සිටින තැන අපවිත්‍ර කරන්නෙ කිසිවෙකුට ආසන්නයට වත් එන්න බැරිවෙන්න තමයි කාටද දිනපතාම උදේ පාන්දර ඒවා අස්කරන්න පුළුවන් .සාමාන්‍යයෙන් ඔය කියන ආකාරයේ කෙනෙක් රාත්‍රිය ගතකර ගියාම කොපමණ පිරිසිදු කලත් ඇතිවන ගද නැතිවෙන්නෙම නැහැ එහෙම වුනාම ගණුදෙනුකරුවන් පැමිණීමට අකමැතියි ව්‍යාපාරය බංකොලොත් වෙනවා ඒවා ගැනත් බලන්න