
(ලක්මි කුඩලිගම)
වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් බුලත්සිංහල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.
විරෝධතාවය සංවිධානය කර තිබුණේ ජාතික ජන බළවේගයේ බුලත්සිංහල ප්‍රධාන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතා විසිනි.
පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුනු පිරිස කියා සිටියේ ජනතාවට ජීවත් වීමට නොහැකිව අසරණව සිටින අවස්ථාවට විදුලි බිල අඩු කිරීමට නොහැකි නම් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ඇමතිවරුන්ගේ විදුලිබිල් අසරණ ජනතාවට ගෙවීමට සිදුව ඇති නිසා ජනතාව මෙසේ විරෝධතා දක්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd