(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුහුණු පොතෙන් හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක හා  ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වා වැඩිමහල් සොයුරියගෙන් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා උතුරේ යුද  හමුදා කදවුරක රාජකාරි කරන 21ක් හැවිරිදි වියේ පසු වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම සැකකාර සෙබළා මුහුණු පොත ඔස්සේ මෙම 16 හැවිරිදි පාසල් සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඇති අතර එහෙත් දෙදෙනා එකිනෙකා කිසිම දිනක හමු වී නොමැති බව පොලිසිය පවසයි.