(ඉන්දිකා රාමනායක)
ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි ව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමීණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ තරු හතේ හෝටලයේ දී මහත් උත්කර්ශවත් අයුරුන් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම උත්සවය හා භොජන සංග්‍රය ඉකුත් (23) රාත්‍රියේ පවත්වා ඇති බවද වාර්තාවේ.
මෙම උත්සවය සදහා අලංකාර ආරාධනා පත්‍ර මුද්‍රණය කර ඇති අතර, උත්සවය වෙනුවෙන් 150 - 200 ට ආසන්න ආරාධිතයන් පිරිසකට ආරාධනා කර ඇති බවද එම පිරිස අතර සිටි බවද වාර්තා වේ.
එම උත්සව අවසනායේ එදිනම රාත්‍රියේ කොළඹ කොම්පඤ්ඤවීදිය ටි හෝටලක් සහිත ප්‍රධාන පෙළේ නිවාස සංකීණයක කාමරයක් තුළ තවත් පිරිසක් වෙත නැවතත් සාදයක් පවත්වා ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමති උතමන්ලා සහභාගී වෙනකොට මහ ඉහළින් නෙව තියන්න ඕන ඕක ඉතින් අරුමයක්යෑ.
ඒකෙ වරදක් නෑනේ ඉතින්. තාත්තගෙ වැරදි වලට දරුවා පලි නෑනේ...
අනේ කරුණාකරලා ඔය කියන කොහලු උත්සවයට සහභාගි වුණු ඇමති මන්ත්‍රීවරුන් සහ VIP ලගේ නම් ටික අපට දැනගැනීමට සලස්වන්නකෝ...! නොවරද්දවාම අපිට ඒ අයට ඡන්දෙ දෙන්න ඕනෑ.
දේශපාලුවන් සහ හෙංචයියලා කී දෙනෙක් රිංගලා හිටියද?
ඇමරිකාවේ පළමුවෙන් කරන්නේ කුඩු මුදලාලිගේ සියලුම වත්කම් රජයට පවරාගෙන නඩු විභාගය පැවැත්වීමයි. ලංකාවේ දේශපාලුවෝ ඵවැනි නීති සම්පාදනය කරන්න බය ඇති...!