(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා චෝදනා පත්‍ර පසුගිය (27) සිකුරාදා බාර දුන්නේය.
එම චෝදනා පත්‍ර බාරදෙමින් දින 14 ක් ඇතුළත චෝදනාව සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහලේකම්වරයා දැනුම්දී ඇත.
නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් ඔවුන් තනතුරුවලින් පහ කෙරෙනු ඇත.
එම දෙදෙනාට මෙම චෝදනා පත්‍ර බාරදී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනවලදී අනාවරණය කෙරුණු තොරතුරු පදනම් කරගෙනය.
මූලික විමර්ශනයේ වාර්තාව අදාල විමර්ශන කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට පසුගියදා බාරදෙනු ලැබීය.
ඉන් අනතුරුව මහලේකම්වරියගේ උපදෙස් අනුව සහකාර මහලේකම් හංසන අබේරත්න මහතා සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණ ආරම්භ කළේය.
මෙම විධිමත් පරීක්ෂණයේ අවසන් වාර්තාවද තව නොබෝ දිනකින් බාරදීමට නියමිතය.
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ විස්සකට වැඩි පිරිසක් මූලික විමර්ශන පැවැත්වූ එම විමර්ශන කණ්ඩායම ඉදිරියේ පසුගියදා සාක්ෂි දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd