(හේමන්ත රණසුරිය සහ පියදාස සමරවීර)

කැබිතිගොල්ලෑව කුරුලුගම  ප්‍රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතයි පොලීසිය කියයි.

 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට විහාරස්ථානයේ හිමිනමක හා තවත් පිරිසක් පහරදී තිබේ.

සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය . සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ  කර ඇත.