ඇමෙරිකා එක්සත් ජනපද මේන් ප්‍රාන්තයේ පුද්ගලයන් 22 දෙදෙනෙකු ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 13කට පමණ තුවාල සිදුකළ යැයි චෝදනා ලැබ සිටි  රොබර්ට් කාඩ් නැමැති සැකකරුගේ මළ සිරුර සොයා ගත් බව ප්‍රාන්ත බලධාරීන් තහවුරු කළේය.


වෙඩි තැබීම සිදුවූයේ මේන් ප්‍රාන්තයේ ලෙවිස්ටන් නගරයේය. වෙඩි තැබීමෙන් පසු රොබට් කාඞ් පලා ගිය අතර ආරක්ෂක අංශ ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කළේය.රොබර්ට් කාඩ් ඇමෙරිකා එක්සත් ජනපද හමුදා සංචිතයේ සිටි පුද්ගලයෙකි.පසුගිය සිකුරාදා එරට වේලාවෙන් පස්වරු 7.45 ට පමණ ලෙවිස්ටන් නගරයේ සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් ලිස්බන් ප්‍රදේශයේ ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්තශාලාවක් අසලදී  මළ සිරුර සොයාගත් බව ප්‍රාන්ත බලධාරීන් තහවුරු කළේය.

රොබට් කාඩ්, මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකි. ඔහු මේන් ප්‍රාන්තයේ හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබුණු බව ද පැවැසෙයි. එම සිද්ධියෙන් පසු ඔහු මානසික රෝහලකට ඇතුළත් කෙරුණු බවත් සති දෙකක් එහි ප්‍රතිකාර ලැබූ බවත් පැවැසෙයි.ඔහුගේ මානසික තත්ත්වය මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළේය.