(දයාරත්න ඇඹෝගම)
සේවා අවශ්‍ය තාවයන් මත ස්ථාන මාර කරනු ලැබුවද එම ස්ථාන මාරැවිම් නොසලකා එම ස්ථානයේම රාජකාරියේ නිරතව සිටි උතුරු මැද කලාප අධ්යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබේ.
මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව හා හිඟුරක්ගොඩ යන කලාපවල සේවය කළ කලාප අධ්යක්ෂවරු සිවු දෙනෙකි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ මහත්මියගේ අස්සනින් යුතුව මේ අනිවාර්ය නිවාඩු යැවීම සිදු කර ඇත.
වසර පහකට අධික කාලයක් එකම ස්ථානයේ රාජකාරියේ නිරතවිමේ හේතුවෙන් මොවුන් ස්ථාන මාරුවීම් සිදුකර දින දාහතරක් (14) ගත වී තිබියදීත් බලහත්කාරයෙන් තමන් රාජකාරි කළ ස්ථානයේම රැඳී සිටීම මෙයට හේතු වූ බව සිදුකළ විමසුමේදි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසිය.
අනිවාර්ය නිවාඩු යවන ලද කලාප අධ්යක්ෂවරු මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. මොවුන් සඳහා ඉදිරියේදී චෝදනා පත්‍රයක් ලබා දීමටද නියමිතය.
අනිවාර්ය නිවාඩු යැවිමේ හේතුවෙන් පුරප්පාඩුවු කලාප අධ්යක්ෂවරු සිවු දෙනා වෙනුවට පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව විසින් අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිවු දෙනෙකු තාවකාලිකව පත්කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! සෑම දෙපාර්තමේන්තුවකම මේ ආකාරයට පරිපාලන කටයුතු කෙරෙනවා නම් රාජ්‍ය සේවය ඵලදායි එකක් කරගන්න පුළුවන්... වැඩේ ඉහළින්ම පටන්ගතයුතුව ඇත...!
ඉස්සර නම් රාජ්‍ය සේවකයෝ එක සේවක ස්ථානයක උපරිම සේවාකාලය අවුරුදු 04යි. අනිවාර්යයෙන්ම වෙන ස්ථානයකට මාරු කරනු ලබයි. අතිදක්ෂ ලෙස තම කාර්යයන් ඉටුකළ අයට පමණක් ඉතා කෙටි කාලයක් තුළ නැවත පරණ ස්ථානයටම මාරුවීම් ලබාදෙනු ලබයි. දැන්? සුදුසුකම දේශපාලුවන්ගේ හෙංචයියෙක් වීම...
ඉහත අදහස් දෙකම ඉතාමත් නිවැරදියි... ඕවා වෙන්නේ පත්වීමක් දෙනවිට, සේවයේ යෙදෙනවිට හා උසස්වීම් වලදී තමන්ගේ රාජකාරි වගකීම හා යුතුකම් ගැන පුහුණුවක් නොදීම නිසා තමයි සෑම සියලු රජයේ සේවකයින් මෙන්ම නිලධාරින් සඳහා එහෙම පුහුණුවක් දෙන්න ඕනෑ... එහෙම නැතුව වැඩ ගන්නා විට කලින් එම තනතුර දැරූ නිලධාරින් විසින් කියාදෙන ආකාරයට කටයුතු කළාම ඔහොම වෙනවා... මම උදාහරණයක් කියන්නම් 2005 වර්ෂයේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයකට පත්වීම් දුන්නා... පුහුණුවක් දුන්නා තමයි ඒක දුන්නේ දැනට සේවයෙන් පහළ දමා සිටින දේශපාලන හිතවතෙකු විසින් හා තවත් දෙන්නෙක් පමණ පිරිසක් තමයි ඉතින්... අර දේශපාලන හිතවතා කියලා දුන්නේ එදා සිට වෘත්තීය සමිති පිහිටුවා ගන්න කියලා පමණයි. ඉතින් එහෙම වුණාම ඔහොම දේවල් වළක්වන්න වයිමාටවත් බැහැ... ඔතැනදී කරන්න තියෙන්නේ මුලින්ම නිදහසට කරුණු විමසීමක් තමයි. ලැබෙන පිළිතුර අනුව විධිමත් විනය පරීක්ෂණයක් කරන්න පුළුවන්... ඔවුන් කරලා තියෙන්නේ වාර්ෂික වැටුප් වර්ධකය නොගෙවීමට හේතුවක් වන ඉහළ නිලධාරින්ගේ උපදෙස් නොසලකා හැරීම තමයි..!
අනිවාර්යයයෙන්ම හොඳ වැඩක්.. බස්නාහිර පළාතටත්, සබරගමුව පළාතටත්, ඌව පළාතටත්, නැගෙනහිර පළාතටත් මායිම් වෙලා තියන පළාතේ පළාත් සභාවේ නම් ස්ථානමාරු හදලා දෙන්නේ මූල්‍ය ප්රතිලාභ තියන ආයතනවලට (පළාත් ආදායම්, මෝටර් රථ) ලොක්කන්ගේ සියළු වැඩ කරල දෙන සට්ටං රාලලාට ඔවුන් ටික බොරුවට යූනියන් ටිකක් හදාගෙන අනිත් මිනිස්සු අන්දගෙන ඔවුන්ගේ වැඩ ටික කරගන්නවා...