(ලාල් එස් කුමාර)

පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි වැදුණු ත්‍රිරෝද රථයෙන් සිටි දෙදෙනකු පළා ගොස් ඇතැයි බියගම පොලිසිය කියයි.

ජංගම මුර සංචාරයේ යෙදුණු බියගම පොලිසියේ කණ්ඩායමක් බියගම රණවිරු මාවත අසලදී ඉදිරියට පැමිණ ඇති අතර එම ත්‍රිරෝද රථය නවතන ලෙස පොලිසිය අණ කර ඇත.

ඒ අවස්ථාවේ පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කර ඇති අතර ඒ අවස්ථාවේ පොලිසිය ත්‍රිරෝද රථයේ රෝදවලට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

උණ්ඩ දෙකක් ත්‍රිරෝද රථයේ පිටුපසට වැදී ඇති අතර ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනා ත්‍රිරෝද රිය තමා පළාගොස් ඇත.

වෙඩි වැදුණු ත්‍රිරෝදය පොලිස් බාරයට ගෙන ඇත.