(බිමල් ශ්‍යාමන්   ජයසිංහ)

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු  ජනක රත්නායක මහතාගෙන්  රුපියල් ලක්ෂ  15 ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා නමින් දුරකථන ඇමතුම් ලබාදී එම කප්පම් මුදල් ලබාගෙන තිබූ බව පොලිසිය කියයි

ඉකුත් මස   (16) පෙරවරු 7.10 ත් 9 ත් අතර කාලයේදී  බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු  තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා එම මුදල් ඉල්ලූ බව ජනක රත්නායක මහතා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ 

එකී ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම්  ලබා දුන් පුද්ගලයා වෙත  ලබා දෙන ලෙසට  සේවකයෙකුට  දැනුම්දී තිබූ බව පොලිසිය කියයි